Colombo Today Local News

සිවාජිලිංගම් අත්අඩංගුවට ගන්න එහෙම හදිසියේ බෑ.. උසාවි නියෝගය කඩකලාදැයි හරියටම බැලිය යුතුයි..

ජනාධිපතිගේ යාපන සංචාරය අතරතුර දි විරෝධතා නොපවත්වන ලෙසට අධිකරණය විසින් නියෝග පනවා තිබියදීත් විරෝධතාවේ නියැලුණු පළාත් සභා මන්ත්‍රි කේ සිවාජිලිංගම් ඇතුළු පිරිසට එරෙහිව ද ඉතා ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.

අධිකරණ නියෝග නොතකා ඉකුත් උතුරේ පැවැත් වූ උද්ඝෝෂණය සම්බන්ධයෙන් සිවාජිලිංගම් අත්අඩංගුවට ගන්නේ ද යන්න ඊයේ (16) පෙරවරුවේ පොලිස් ක්ෂේත‍්‍ර බලකා මුලස්ථානයේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළ අතර උතුරු දකුණේ කියා නීතියේ කිසිදු වෙනසක් නොමැති බවත් පෙන්වා දුන්නා.

“අත්තඩංගුවට ගැනීම මේ එකිනෙකක් පරයා මේ හදිස්සියේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සිද්ධිය වන විට ඒ අධිකරණ නියෝගය ඒ ගොල්ලෝ ඒ නීතිය කඩකරපු එක ගැන හරියට හොයලා බලන්න ඕන. නීරික්ෂණ සටහන්, ඡායාරූප විඩියෝ දර්ශන, විවිධ සාක්ෂි මේ හැම එකකම එකට බලලා මම පැහැදිළිවම කියන්න කැමතියි උතුරට එකක් දකුණට එකක් කියලා නෑ එක නීතියයි ක්‍රියාත්මක වෙන්නේ. ඒනිසා මම පැහැදිළිව කියනවා. සහතිකයි. මේ කටයුත්ත වෙනවා. අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා,”පොලිස්පතිවරයා පවසා සිටියේය.

 

Related posts

භික්ෂූ මර්ධනයට එරෙහිව සංඝ සම්මේලනයක්

colombotoday

යූරියා පොහොර වල බර අනුව පමණක් මිල නියම කරයි

colombotoday

මහින්ද මේ කුණු ගොඩ බාර නොගෙන ඉන්නයි තිබුණෙ…

colombotoday

සජිත් ප්‍රේමදාස සහ හරීන් ප්‍රනාන්දු කාදිනල් තුමා ළඟ දණ නමයි

colombotoday

ඉන්දීය විදේශ ඇමති ජනපති හමුවෙයි

colombotoday

මහින්දගේ බලවේගය සමග පක්ෂ පහක් සන්ධානගතවෙයි… සාකච්ඡාවකට එන්නැයි ජනපතිගෙන් දුරකථන ඇමතුම් !

colombotoday