Colombo Today Local News

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ගේ බිරිය “හීන් මැණික්” මිය යයි.

කොවිඩ් ආසාදිත ව රෝහල් ගත වී ප්‍රතිකාර ලබමින් සිටි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ගේ බිරිය “හීන් මැණික්” ඊයේ (04) රාත්‍රියේ මිය ගියාය.

කොවිඩ් නිවුමෝනියා තත්ත්වය ඇති වීමේ හේතුවෙන් “හීන් මැණිකේ” මහියංගන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පෙරේදා (02) පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (04) රාත්‍රී මෙසේ මිය ගියාය.

හීන් මැණිකේ දරුවන් නව දෙනෙකුගෙන් මෑණියන් වූවාය.

ඇය ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු කෝවිඩ් ආසාදිත ව මහියංගන රෝහලට ඇතුළත් කරනු ලැබුවේ 29වැනිදාය.

හීන් මැණිකේ සහ වන්නිල ඇත්තන් මී පැණි පූජාව සඳහා ඉකුත් 18 වැනිදා දළදා වහන්සේ වැඳ පූදා ගැනීමට පැමිණ සිටි බව ද වාර්තා වෙයි.

Related posts

කිරිපිටි මිල ගණන් අප්‍රේල් සිට පහළට

Admin

ලංකාවේ තර්ජණ කියා කැනඩාවේ සරණාගත වීසා ඉල්ලූ ද්‍රවිඩ පවුලක් පිටුවහල් කරයි

colombotoday

රෝහල්වලට තලපත් දීම නවතයි. සැපයුම්කරුවන්ට කෝටි ගණනක පොල්ලක්

colombotoday

විනාශකරන විල්පත්තුවේ පුරාවිද්‍යා නටබුන්

colombotoday

“රෝ සංවිධානය”ට එල්ලවූ ජනාධිපති ඝාතන චෝදනා පුවත වෙනුවෙන් පෙනී සිටිනවා. “ද හින්දු” පුවත්පතේ සභාපති කියයි

colombotoday

හෙරොයින් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday