Colombo Today Local News

බඩල්කුඹුර ප්‍රාදේශීය සභා එජාප රැස්වීමේදී අපේක්ෂකයෝ ගුටි ඇන ගනිති

බඩල්කුඹුර ප්‍රාදේශීය සභාව සඳහා තරග වදින එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු බඩල්කුඹුර කරඳගම යටිමුල්ල ප්‍රදේශයේ සංවිධානය කළ රැස්වීමකදී එම අපේක්ෂකයාගේ ආධාරකරුවකුට එම පක්ෂයේම තවත් අපේක්ෂකයකු පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ බඩල්කුඹුර කරඳගම යටිමුල්ල පදිංචි සුගත් ගුණසිංහ (38) නමැත්තෙකි.
බඩල්කුඹුර දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සුගත් ගුණසිංහ යන අය පැවැසුවේ මෙවර බඩල්කුඹුර ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් කරවිල කොට්ඨාසය සඳහා තරග වදින චන්න ප්‍රදීප් චාපා බණ්ඩාර මහතා සංවිධානය කළ ජනහමුවක් කම්මලේමඩම දෙල්ගොල්ල ප්‍රදේශයේදී පැවැත්වෙද්දී එම ජනහමුවට සහභාගි වී සිටි එක්සත් ජාතික පක්ෂයේ වෙනත් කොට්ඨාසයකට තරග වදින අපේක්ෂකයකු හා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් තමන්ට පහර දුන් බවයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ සුගත් ගුණසිංහ යන අය මෙසේද පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයෙන් කරවිල කොට්ඨාසයට තරග වදින චන්න ප්‍රදීප් චාපා බණ්ඩාර කියන්නේ මගේ ඥාතියෙක්. මේ රැස්වීමට මම සහභාගි වී සිටියදී එම රැස්වීමට පිට කොට්ඨාසයකින් තරග වදින අපේක්ෂකයකුත් ඇවිත් කතාවක් කළා. ඔහු රංජිත් මද්දුම බණ්ඩාර මහත්තයාගේ ලේකම්වරයෙක්. මේ පුද්ගලයාට රැස්වීමට පැමිණි පිරිසක් ‘හූ’ කිව්වා. පස්සේ මේ අපේක්ෂකයා ඔහුගේ කතාවෙන් පස්සේ තවත් පිරිසක් එක්ක ඇවිත් මට ඉදිරියෙන් හිටිය පිරිසකට පහර දෙන්න සූදානම් වුණා. ඒ වෙලාවේ මම මැදිහත් වෙලා ඒක වළක්වන්න ගියාම මේ අපේක්ෂකයයි ඔහුගේ ආධාරකරුවොයි එකතු වෙලා මට හොඳටම පහර දුන්නා. මේ පහරදීම නිසා මගේ එක් ඇහැකට, ඔළුවට සහ වම් අතට තුවාල වුණා යැයි හෙතෙම පවසයි.

පහරකෑමෙන් තුවාල ලැබූ මේ පුද්ගලයා බඩල්කුඹුර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල මහ රෝහලට මාරු කර යවා තිබේ.
අප මේ පිළිබඳව බඩල්කුඹුර පොලිසියෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු පැවැසවේ පහරකෑමට ලක්වූ පුද්ගලයාගෙන් සිද්ධිය පිළිබඳව ප්‍රකාශ සටහන් කරගත් බවයි.
සිද්ධියට සම්බන්ධ කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් හා නියෝග මත බඩල්කුඹුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.කේ. දිසානායක මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Related posts

පිල්ලෙයාන්ගේ උපදෙස් අනුව එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානි වූ සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් සාමාජිකයන් අතර හමුවක් සංවිධානයට පියවර ගත්තා – චැනල් ෆෝ වීඩියෝව නිකුත් කෙරේ..

Admin

විජිතපුර බැලුම්ගල ඩෝසර් කළ අය, පුරාවිද්‍යා පනත අනුව අත්අඩංගුවට ගන්න ඇමති උපදෙස් දෙයි

colombotoday

දැවිතෙල් නැවකට ඩොලර් ගෙවයි

colombotoday

මහින්ද ගෙදර යවන්න ඔබාමා මිලියන 454ක් අයවැයෙන්ම වෙන් කරලා.. ට්‍රම්ප් හෙලි කරයි !

colombotoday

ක්‍රිකට් තරග පාවාදීම් ගැන හොයන්න FCIDය ටෙලි නිළියකට දැළ එලයි

colombotoday

ත්‍රස්තවාදයට ඍජු සම්බන්ධතාවක් ඇති බවට සාක්ෂි නැති නිසයි බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කලේ : චමල් පාර්ලිමේන්තුවේ දී පහදයි

colombotoday