Colombo Today Local News

අගමැති රනිල්ව පතුරු අරින සිරසේ, සමූහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක එජාප මන්ත්‍රී මරික්කාර් !

තිරය පිටුපස අපූරු කථාන්දරයක් එලියට පැමිණෙමින් ඇත. අගේ ඉදන් කන කනවා යන කියමන තහවුරු කරමින් එජාප කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් විසින් සිරස ආයතනයෙන් වැටුප් ලබමින් එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා වශයෙන් රහසිගතව සේවය කරමින් එජාප නායකයාගේ ක්‍රියාකලාපය නිර්දය ලෙස විවේචනය කිරීමට කටයුතු කරන බව වාර්ථා වේ.

දැනටත් දිනකට පැය තුනක් සිරස ආයතනයේ සේවය කරන මරික්කාර් විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ හට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන පුවත් නිර්මාණකරණයේ යෙදෙන්නා වේ. පසුගිය දින කිහිපය මුලුල්ලේ කිලී මහරාජාගේ උවමනාවන්ට අනුව අග්‍රාමාත්‍යවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කරන සිරස ආයතනයෙහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා වන මරික්කාර් විසින් සංඛ්‍යාත ගනුදෙනුවේ සැගවුන පාර්ශව කරුවාද වේ.

ජනපතිවරයා හට චෝදනාව එල්ල වී ඇති මෙම ගනුදෙනුවට අග්‍රාමාත්‍යවරයා විරුද්ධව ඇති අතර, එම සංඛ්‍යාත හරහා රජයේ මාධ්‍ය ආයතනයක් නවතමයෙන් ආරම්භ කිරීමට සැලසුම වී තිබුනද මෙම සංඛ්‍යාත බිලියන තුනක මුදලට කිලී මහාරාජාට ලබාදීමට පිළිබදව අගමැතිවරයා උරණව ඇත. මේ බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා වී ඇති අතර ඒ බැව් මරික්කාර් හට කනවැකී ඇත. එසැනින් කිලී මහාරාජා දැනුවත් කර ඇති මරික්කාර් ඊට පසුදින සිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හට සිරස ආයතනය හරහා දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පටන්ගෙන ඇති බව තතු දත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටී.

මේ ආකාරයෙන් එජාපයේ ඡන්ද ලබාගෙන එජාපයටම සහ නායකත්වයට මුදල් ලබාගෙන ප්‍රහාර එල්ල කරන මරික්කාර් වැනි ද්‍රෝහීන් පන්නා දැමිය යුතු බව නායකයන් හට සිතෙන්නේ කවදා දැයි නොදනිමු. නමුත් මෙම පිළිලය ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ නම් එජාපයේ දේශපාලන මගලම මරික්කාර්ගේ කරමතින් ගමන් කරනු ඇත.

උපුටා ගැනීම – Voiceofceylon

Related posts

ඇමති මාරුව කල් යයි.. ජනපති – අගමැති එකගතාවකට එයි !!

colombotoday

මගේ පොටෝ එක අයිති පොහොට්ටුවට පමණයි !

colombotoday

අම්පිටියේ සුමනරතන හිමිත් අලි සබ්‍රිට එරෙහි වෙයි

colombotoday

හමුදා කදවුරු ඉවත් කරව් ! අපේ ඉඩම් අපට දියව් ! වව්නියාව යුද හමුදා කදවුර ඉදිරිපිට විරෝධතා

colombotoday

අන්තර්ජාතික සබඳතා වඩා ශක්තිමත් වීමට ථේරවාදි බෞද්ධ දර්ශනය පිටුවහලක් වූනා – ජනපති.

colombotoday

මාගල්කන්දේ සුදත්ත හිමි සහ බඩල්කුඹුරේ අරියශාන්ත හිමි දින 14 ක් වැලිකඩට

colombotoday