Colombo Today Local News

මුදල් එකතු කරන්න භික්ෂූන් වහන්සේලා යොදාගැනීම කැතයි.. ඒ වැඩේ පක්ෂයෙන් කරන්න තිබුණා !

මුදල් එකතු කිරීම වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයේ වැඩමවීම “නොකළ යුතු දෙයක්“ යැයි තමන් වහන්සේගේ පුද්ගලික අදහස වන බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

අදාළ මුදල් සොයා ගැනීම සදහා එම පක්ෂයේ යාන්ත්‍රණයට යමක් කළ යුතුව තිබුණු බවත්, එසේ නොකර ඒ වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා “කඩේ යැවීම“ “කැතයි“ යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළේය.

අද වන විට භික්ෂූන් වහන්සේලා පවා දේශපාලකයන්ගේ අතකොළු පවට පත්වී ඇති බවත්, වහා ශාසන සංශෝධනයක අවශ්‍ය වී තිබෙන බවත් පැවසූ ඥාණසාර හිමියන් දේශපාලන පිල්වලට ගැතිකම් කරමින් එය කළ නොහැකි බවද ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුව භික්ෂූන් වහන්සේලාට පහර පිට පහර දෙමින් සිටින බවත්, ඊට එරෙහිව වහාම සග බලය පෙන්විය යුතු බවත් අවධාරණය කරන ඥාණසාර හිමියෝ ශාසනට යට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් වහාම නිහඩ කිරීමට ජනාධිපතිවරයා වගබලාගත යුතු බවද කියා සිටියේය.

Related posts

වැල්ලම්පිටියේ වෙඩිතැබීමක්

Admin

කාංචන විජේසේකර ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ…

colombotoday

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ලන්ඩනයේ !

colombotoday

පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට වියදම කෝටි තුනක්…

colombotoday

සූදු ක්‍රීඩාවේ යෙදුණු පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

මයික් පොම්පියෝ ශාන්ත අන්තෝනි දේවස්ථානයට යයි

colombotoday