Colombo Today Local News

ඇමති මාරුව කල් යයි.. ජනපති – අගමැති එකගතාවකට එයි !!

ඉදිරි දින කිහිපයේ දී සිදු කිරීමට සැලසුම් කර තිබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය තවත් මාස කිහිපයකින් කල් දමා දැමීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා ජනාධිපති නිල නිවසේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇතැයි එම ආරංචිමාර්ග පවසයි.

මෙම සාකච්ජාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසත් ද එක්ව සිටි බව වාර්තා වේ.

යහපාලන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට එල්ලවී ඇති දූෂණ චෝදනා සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබිණ.

කෙසේ වෙතත් සිකුරාදා පැවති සාකච්ඡාවේ දී ඇතිකර ගත් එකඟතාව අනුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙලෙස කල්දමා ඇත.

Related posts

ෆයිසර් නොපැසුණු දේශපාලකයෙක්.. සීමා නීර්ණ කමිටු සභාපතිගෙන් ඇමතිට දොස් මුරයක්

colombotoday

අපි ලෝකයම දිනාගෙන අවසන්.. දැන් තියන්නේ ගම, නගරය දිනාගන්නයි – මංගල

colombotoday

විදුලි සේවකයන් බලාගාරවලින් ඉවත් වෙයි… පැය 24ක් විදුලිය බිද වැටීමේ අවදානමක් !

colombotoday

සයිනොෆාම් එන්නත් විකිණීමට ගිය රෝහල් කම්කරුවෙක් මාට්ටු

colombotoday

රනිල් ඇතුළු පිරිසට SJB දොර තවමත් විවෘතයි – සජිත්

colombotoday

නාමල් වැලිකඩ සිරකරුවන්ට යෝග උගන්වයි

colombotoday