Colombo Today Local News

විදුලි සේවකයන් බලාගාරවලින් ඉවත් වෙයි… පැය 24ක් විදුලිය බිද වැටීමේ අවදානමක් !

වැටුප් විෂමතා නිවැරදි නොකිරීමට එරෙහිව විදුලි සේවකයන් අද (05) වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට (06) වනදා මධ්‍යම රාත්‍රිය දක්වා සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

එහි කැදවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ, සියලු සේවකයන් බලාගාරවලින් ඉවත් වන බවයි. වාර හා සේවා බිද වැටීම් ඇතුළු රාජකාරි කටයුතු ඇන හිටින බවද ඔහු පැවසීය.

පාලනාධිකාරිය විසින් අත්තනෝමතිකව සිය වැටුප ඉහළ දැමීම නිසා දැවැන්ත වැටුප් විෂමතාවක් පහළ සේවකයන්ට සිදුව ඇති බවත් මෙම අසාධාරණය සම්බන්ධයෙන් කටයුතු කර විසඳුම් ලබා දෙන ලෙසට පාලකයන්ගෙන් වසර 2කට ආසන්න කාලයක් ඉල්ලා ඇතැත් විසඳුමක් දී නැතැයිද ඒ මහතා චෝදනා කළේ ය.

ලංවිම ජාතික සේවක සංගමය, ලංවිම නිදහස් සේවක සංගමය, ලංකා විදුලි සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 32ක් ඒකාබද්ධව මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙම එක්දින වැඩවර්ජනය හේතුවෙන් රටේ බරපතළ තත්ත්වයක් ඇති විය හැකි බවත් ජනතාවට මෙහිදී සිදුවන අපහසුතාවන් සම්බන්ධයෙන් වගකීම, සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු නොකර, සේවකයන් මර්දනය කිරීමට කටයුතු කරන ලංවිම පාලනාධිකාරිය සහ ආණ්ඩුව විසින් බාරගත යුතු බවද ඒ මහතා පැවැසීය.

Related posts

ලෝකයම හෙල්ලූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ දේශමාමක කතාවේ සිංහල පරිවර්ථනය

colombotoday

ජනපතිගේ චෝදනාවට ඇලිට් සමාගමෙන් නිවේදනයක්

colombotoday

IMF කමිටු අනුමැතිය ලබාදීම ගැන අවසන් තීරණය අද

Admin

සංචරණය ලිහිල් කළ කාලයේදී 7 දෙනෙක් මග මරුවන්ට බිලි

colombotoday

අලි සබ්රි ගේ මල්ලි තෙල් සංස්ථා පරිශ්‍රයේ මුස්ලිම් පල්ලියක් හදන්න යයි. ඥානසාර හිමි කොලොන්නාව තෙල් ගබඩාවට යයි

colombotoday

දින හතරක් නිවාඩු දින වීමෙන් නාමයෝජනා නීති විරෝධි වන්නේ නෑ. – ගම්මන්පිල

colombotoday