Colombo Today Local NewsHot NewsWorld

ලෝකයම හෙල්ලූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ දේශමාමක කතාවේ සිංහල පරිවර්ථනය

නිවේදක: අනෙක් සියල්ලන්ටම ප්‍රථමයෙන් ඔහුව පිළිගන්නා වීමට ඉඩ ලැබීම මට ලැබුණු ඉමහත් ගෞරවයක් කොට සලකමි. හතලිස් පස් වැනි ඇමෙරිකානු ජනාධිපති ” ඩොනල්ඩ් ට්‍රම්ප්” !!!! (ජය ඝෝෂා..)

ජනාධිපති ට්‍රම්ප්:

මෙතනට පැමිණි ජනාධිපති වරුන්ට.. ඇමෙරිකානු සහෘද ජනතාවට සහ ලෝකවාසී සියල්ලන්ටම ස්තුතියි !!

ඇමෙරිකානු පුරවැසියන් වන අප දැන් අප රට නැවත ගොඩනැගීමේ සහ අප ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමේ ජාතික කාර්යභාරයට සම්බන්ධ වී සිටිමු (ජය ඝෝෂා..).

ඉදිරි අනාගතය වෙනුවෙන් ඇමෙරිකාවේ සහ ලෝකයේම ගමන් මග අප විසින් තීරණය කරන්නෙමු. අප අභියෝග සහ අමාරු කම් වලට මුහුණ දෙනු ඇති මුත් අපගේ කාර්යභාරය ඉටුකරලන්නෙමු.

සෑම අවුරුදු හතරකට වරක්ම අප මෙහි රැස්ව සාමකාමීව සහ නියමිත ආකාරයට බලය නව ජානාධිපතිවරයාට පැවරීම සිදු කරමු. එය එසේ වන්නට ඉඩ හැරීම ගැන අප ජනාධිපති ඔබාමට සහ මිචෙල් ඔබාමට ස්තුතිවන්ත වෙමු.

කෙසේ වුවත් අද දින සිදුවන සැමරීම ඇති විශේෂ වන්නේය. අප අද හුදෙක් එක් පරිපාලනයකින් තවෙකකට හෝ එක පක්ෂයකින් තවෙකකට බලය පැවරීම පමණක් සිදු නොකරමු.. අප අද වොෂින්ටන් DC සිට නැවත බලය පවරන්නේ ජනතාව වන ඔබ වෙතය (ජය ඝෝෂා..).

බොහෝ කාලයක් තිස්සේ ඉතා සුළුතරයක් විසින් අප ජාතියේ අගනුවර සිටිමින් ආණ්ඩු බලය භුක්ති විඳිමින් සිටිද්දී ජනතාවට ඔවුන්ගේ බර දැරීමට සිදු උනා. වොෂින්ටනය සමෘධිමත් වුණත් ජනතාව එය බුක්ති වින්දේ නැහැ. දේශපාලකයන් ධනවත් වෙද්දී රැකියා නැති වී කර්මාන්ත ශාලා වැසුණා.

දේශපාලන අධිකාරිය අමෙරිකානු ජනතාව රැකීම නොව තමන් රැකීම පමණයි සිදුකලේ.. ඔවුන්ගේ ජයග්‍රහණ ඔබේ ජයග්‍රහණ උනේ නැහැ. ඔවුන්ගේ සතුටෙන් පිනායාම ඔබේ සතුට උනේ නැහැ.. ඔවුන් අප ජාතියේ අගනුවර සතුටින් සමරද්දී අපගේ මුළු දේශය පුරා සිටින අගහිඟ කම් සහිත පවුල් වලට සැමරීමක් තිබුණේ නැහැ.

ඒ සියල්ල වෙනස් වීම මේ දැන් මේ මොහොතේ මෙතැනදීම ඇරඹෙනු ඇති (ජය ඝෝෂා..). මෙය ඔබේ අවස්ථාවයි. මෙහි අයිතිය ඔබටයි (ජය ඝෝෂා..). මේ ඔබේ දිනයයි ඔබේ සැමරීමයි ( නැවත ජය ඝෝෂා..). මේ ඇමෙරිකානු එක්සත් රාජධානිය ඔබේ රටයි (ජය ඝෝෂා..)…

කුමන පක්ෂය ආණ්ඩු කරන්නේදැයි අපට වැඳගත් නැත. වැඳගත් වන්නේ අප රජය ජනතාව විසින පාලනය වන්නේද යන්නයි (ජය ඝෝෂා..)..

ජනවාරි විසි වන දින මෙරට ජනතාව නැවත මෙරටේ පාලනය අතට ගැනීමක් ලෙස සදා සිහි කෙරෙනු ඇත (ජය ඝෝෂා..). අමතක කරනු ලැබුවන් නැවත අමතක නොකරනු ඇත. ඔබේ හඬ සියල්ලන් විසින් අසනු ඇත.

ලෝකය කිසිදා නොදුටු නොවිරූ ලෙස ඔබ අද මිලියන ගණනින් පැමිණියේ මේ ඓතිහාසික අවස්ථාවට සහභාගී වීමටයි. මේ සියල්ල මධයේ ඇති අතිශයින් වැඳගත් මතක් කරදීම නම් ජාතියක් එහි පුරවැසියන්ට සේවය කල යුතු බවයි. ඇමෙරිකානුවන්ට ඔවුන්ගේ දරුවන්ට හොඳ පාසල් රැකියා සහ විශේෂයෙන් ඔවුන්ගේ පවුල් වලට ආරක්‍ෂිත වටපිටාවක් අවශ්‍ය වී ඇත. නගර වල සිටින මවු වරුන් සහ දරුවන් දුප්පත් කම තුල සිරවී සිටී. මලකඩ කෑ දිරාගිය කර්මාන්තශාලා තුන් බියක් සේ දේශය වසා සිටී. අපරාධ කල්ලි, මත්ද්‍රව්‍ය විසින් විශාල ජන ජීවිත ගණනක් බිළිගනිමින් අප රට මංකොල්ල කමින් සිටිනවා. මේ ඇමෙරිකානු පිළිලය මේ මොහොතේදී මෙතැනදී අවසන් වෙනවා (ජය ඝෝෂා..).

දශක ගණනාවක් තිස්සේ අප කර්මාන්ත ශාලා අඩපණ කරමින් අනෙකුත් රටවල් පොහොසත් කළෙමු. අපගේ දේශසීමා රක ගැනීම අතපසු කරමින් අන් අයගේ දේශසීමා ආරක්ෂා කළෙමු. අපගේ මංමාවත් ගරා වැටෙද්දී අනුන්ගේ යටිතල පහසුකම් දියුණු කළෙමු. අප ජාතියේ වත්පොහොසත් කම් ඉතා අතට නොපෙනී අඩුවී යද්දී අප අන් ජාතින් පොහොසත් කළෙමු. මිලියන ගණනක් ඇමෙරිකානුවන්ගේ පැතුම් තඹයකට මායිම් නොකරමින් කරමාන්ත ශාලා එක බැගින් වැසී අප වෙරළින් ඈතට නික්මිණි.අපගේ මධ්‍යමපන්තික ධනය විනාශ කොට ලෝකය පුරා බෙදාහරින ලදී. එය ඉතිහාසයයි. නමුත් දැන් අප දකින්නේ අනාගතයයි. සියලුම නගර, රටවල් සහ අගනුවරවල් මින් පසු මේ ක්‍රියාදාමය දකිනු ඇත.මින් පසුව නව දර්ශනයක් විසින් අප දේශය පාලනය කෙරෙනු ඇත. අද සිට ඇමෙරිකාව අංක එක බවට පත් වනු ඇත..ඇමෙරිකාව පළමු ස්ථානයයි (ජය ඝෝෂා..).

මින් පසු..විදේශ කටයුතු, බදු, සංක්‍රමණය ආදී දේ ගැන සෑම තීරණයක් ම ඇමෙරිකානු පවුල් වල යහපත අරමුණු කොට ගැනෙනු ඇත.

අපගේ දේශසීමා අනෙකුත් රටවල විනාශ කාරීන් ගෙන් රැක ගන්නෙමු. අපගේ රැකියා අපගේ ධනය අපගේ කර්මාන්ත ශාලා ඔවුන්ගෙන් රැකගන්නෙමු (ජය ඝෝෂා..).

මගේ සිරුරේ පවතින සෑම හුස්මක් පාසාම ඔබ වෙනුවෙන් සටන් කරන්නෙමි (ජය ඝෝෂා..). මා කිසිම දිනක ඔබට වැටීමට ඉඩ නොදෙමි (ජය ඝෝෂා..).. ඇමෙරිකාව නැවත ජයග්‍රහණය කරා යනු ඇත. නැවත අපගේ සිහින ගෙනෙනු ඇත.. (ජය ඝෝෂා..) මුළු දේශ පුරා අප නව මංමාවත්, වරායවල් , පාලම් ගුවන්තොටුපළවල් තනන්නෙමු (ජය ඝෝෂා..).. සහනාධාර වෙනුවට ජනතාවට නැවත රැකියා ලබා දෙන්නෙමු.

ඇමෙරිකානු ජනතාවගේ අත්වලින් ඇමෙරිකානුවන් මතින් අප දේශය නැවත ගොඩනගන්නෙමු (ජය ඝෝෂා..)..

අප ඉතා සරල නීති දෙකක් අනුගමනය කරමු.. 1. ඇමෙරිකානු නිෂ්පාදන ගන්න. 2. ඇමෙරිකානුවන් රැකියා සඳහා යොදවන්න.. ( විශාල ජය ඝෝෂා..)

අප අනෙකුත් ලෝක වාසීන්ගේ මිත්‍රත්වය පතමු. එහෙත් අප ඔවුන්ගේ ජාතික අවශ්‍යතා පළමුවෙන් සැලකීමට ඉඩ ලබා දෙමින් එසේ කරන්නෙමු. අප කිසිදිනෙක අපගේ ජීවන රටාව අනෙකුත් රටවල් වෙත බලෙන් පටවන්නේ නැත. එහෙත් අප හොඳ මාවතේ යන්නේනම් ඔවුන් නිතැතින්ම අප පසුපස එනු ඇත.

ඉස්ලාමිය ත්‍රස්තවාදයට එරිහිව මුළු ලෝකයම පෙළගස්වන්නෙමු. ඉස්ලාමිය ත්‍රස්තවාදය මුළු ලෝ තලයෙන්ම සදහටම අතුගා දමන්නෙමු (විශාල ජය ඝෝෂා..) පළමුව අපගේ දේශයට අවංක පක්ෂපාතිත්වය දැක්වීම මගින් අප එකිනෙකා තුලද පක්ෂපාතිත්වය අලුතෙන් ඇතිකර ගන්නෙමු.

ඔබ ඔබේ හදවත ජාතිමාමකත්වය වෙනුවෙන් විවෘත කරනවිට ද්‍රෝහීන් ට අවස්තාවක් නොලැබෙනු ඇත (ජය ඝෝෂා..).

දෙවියන්ගේ දරුවන් එකට ජිවත් වනවිට ඇති සුන්දරත්වය බයිබලය අපට කියාදෙනවා. අප අපගේ හිතේ ඇතිදය ඇත්ත ඇතිසැටියෙන් කිව යුතුයි. අපගේ විවේචන විවෘතව කල යුතියි.

අප අපගේ රණවිරුවන් විසින් ඔවුන්ගේ ලෙය මතින් රැකගනු ඇත. ඉතා වැඳගත් දෙයනම දෙවියන් විසින් අප රකිනු ඇත (ජය ඝෝෂා..). අප විසින් උසස් විශාල පරිමාණයෙන් සිතිය යුතු අතර ඊටත් වඩා ඉහලින් සිහින දැකිය යුතුය.

අප විසින් කටින් පමණක් වැඩකරන අක්‍රිය දේශපාලකයන් නැවත පිලිනොගන්නෙමු (ජය ඝෝෂා..). ඔවුන්ගේ හිස් වචන සඳහා වූ කාලය ඇමෙරිකාව නිමා කර ඇත. දැන් ඇත්තේ ක්‍රියා කිරීමේ කාලයයි (ජය ඝෝෂා..). කිසිවෙකුට ඔබට එය කල නොහැකියි කීමට ඉඩ නොදෙන්න. ඇමෙරිකානුවන්ගේ ධෛර්යට, හදවතට ජයගත නොහැකි අභියෝගයක් නොමැත. අප පරාජය නොවන්නෙමු. දේශය නැවත ගොඩනන්වන්නෙමු.

නවලෝකයේ අභ්‍යවකාශය අප විසින් ජයගන්නෙමු. නව ජාතික ගොඩනැගීම විසින් සියල්ල ජයගනු ඇත. අප කුමණ පළාතක පෙදෙසක සිටියද අප අංග දුවන්නේ ජාතිමාමකයන් ගේ රතු ලෙයයි ( විශාල ජය ඝෝෂා..). ශ්‍රේෂ්ට ඇමෙරිකානු ධජයට අප සියල්ලන්ම ආචාර කරන්නෙමු. එක්ව අප ඇමෙරිකාව නැවත ශ්‍රේෂ්ට දේශය කරන්නෙමු. ඔබට දේව ආශීර්වාදය ලැබේවා. ඇමෙරිකාවට දේව ආශීර්වාදය ලැබේවා.

සංක්ෂිප්ත පරිවර්තනය: කැලුම් ගමගේ

Related posts

හිටපු ජනපති ගෝඨාභය දිවයිනට

Admin

හිරුණිකාත් රනිල්ට එරෙහි වෙයි..

colombotoday

ආර්යාවගෙන් සුභපැතුම්

colombotoday

කොළඹ වරායේ කන්ටේනරයක් පුපුරා යයි…

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 20ක ජල කප්පාදුවක්

Admin

ආණ්ඩුව බෑ කියූ දේ සරත් වීරසේකර කර පෙන්වයි.. “රණවිරු විත්ති වාචකයට“ ජිනීවා කවුන්සිලයෙන් කොළ එළි !

colombotoday