Colombo Today Local News

ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළේ ඇයි.. හේතුව 17 හැවිරිදි සිසුවා මෙසේ කියයි

haker33ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් සිදුකර ඇත්තේ වෙබ් අඩවියේ ඇති අනාරක්ෂාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීම බව ඔවුන්ගේ නිතීඥවරුන් පවසයි.

විත්තියේ නීතිඥවරුන් එසේ පැවසුයේ, අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කඩුගන්නාවේ17 හැවිරිදි සිසුවා හා 27 හැවිරිදි මොරටුවේ තරුණයා ඊයේ අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදීය.

එමෙන්ම රටේ දැනට පවතින ප‍්‍රශ්න පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර එ් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමද ඔවුන්ගේ අරමුණක් වූ බව පැවසු විත්තියේ නීතිඥවරුන්, සැකකරුවන් දෙදෙනාට කිසිඳු අපරාධමය චේතනාවක් නොතිබූ බව අවධාරණය කර සිටියහ.

සැකකාර මොරටුවේ තරුණයා “යකඩයා ෆෝරම්” නමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් පිටුවේ පල කර තිබූ ‘හැක්’ කිරීම වැනි තොරතුරුවලින් එම සිසුවා දැනුවත් වී ඇති බව පෙනේයැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

කෙසේවුවද අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සිසුවා ලබන සිකුරාදා තෙක් පරිවාස භාරයේ තැබීමට නියෝග කල කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා, අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් 27 හැවිරිදි අනෙක් පුද්ගලයා ලබන සිකුරාදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කළේය.

තාක්ෂණික දෝෂ හඳුනාගනී :

මේ අතර, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියේ ඇති තාක්ෂණික දෝෂ හඳුනා ගැනීම සඳහා, ‘පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසඳය’ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඒ අනුව, ජනාධිපතිගේ වෙබ් අඩවියට ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම සඳහා බලපෑ ප්‍රධාන දෝෂ 3ක් මේ වන විට හඳුනා ගෙන ඇති බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසඳයේ ප්‍රධාන ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

1 සර්වරය යාවත්කාලීන නොකිරීම (SERVER UPDATE නොකිරීම)

2 දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය සහ මෘදුකාංග යාවත්කාලීන නොකිරීම (CONTROL PANEL & SOFTWARE UPDATE නොකිරීම )

3 ඇතුල්වීමේ කේතයන් සහ රහස් අංක ඉතාම ආරක්ෂාකාරීව භාවිතා නොකිරීම (USERNAME & PASSWORD STRICTLY CONFIDENTIAL)

Related posts

ගම්මන්පිල-බැසිල් අතර උණුසුම් වචන හුවමාරුවක්…

colombotoday

“අවම බලය පාවිච්චි කළ හැකියි.. ඒත් යාපනේදීනම් පොලීසිය වැරදයි“ – පොලිස්පති

colombotoday

“ඇමතිවරු “සිංගල් එන්ජින්” හෙලිකොප්ටරෙන් ගමන් යන්නේ යහපාලනය නිසයි” – ඇමති සජිත්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් හඳුනාගනී

colombotoday

බැදුම්කර සොර දෙටුවෝ මහපොළ අරමුදලටත් අරී.. මිලියන 188ක පාඩුවක්

colombotoday

ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday