Colombo Today Local News

ලෝක නායකයන් ජනපති මෛත්‍රීට ගරු කරන හැටි දැක්කහම අපේ ඇස්වලට කඳුළු එනවා – මහින්ද අමරවීර

mahinda amaraweera

අද වන විට මුළු ලෝකයම ඉන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග බවත්, ජාත්‍යන්තරය තුළ මෙරටට සතුරන් නොමැති බවත් අමාත්‍ය මහින් අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පෙරේදා (29දා) හම්බන්තොට, කහඳා මෝදර පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා

“මහින්ද රාජපක්ෂ මහතා තමන්ට වසර දෙකක් තිබියදී ආණ්ඩුව විසුරුවා හැරියේ සුමනදාසගේ ජේ‍යාතිෂ අනාවැකියට නොව ජාත්‍යන්තරයෙන් ආ පීඩනයත්, රටේ ආර්ථික අර්බුදය ගැන කලින් දැනගෙන සිටි නිසා. ‘එදා විදුලි පුටු ගැන කතාව නිකම්ම ආපු කතාවක් නෙවෙයි. ජාත්‍යන්තරයෙන් පීඩනයක් එල්ල වෙලා තිබුණා යුද අධිකරණයක් පිහිටුවීම ගැන. එහෙම තර්ජනයක් නොතිබුණා නොවෙයි. මේ ජාත්‍යන්තර අධිකරණය හරහා අපේ ඒ කාලයේ හිටපු දේශපාලනඥයන් සහ ආරක්ෂක අංශවල නිලධාරීන් 58 දෙනෙක් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න නියමිතව තිබුණා. ඒ වගේම මේ කාලයේ මෙවැනි ආර්ථික අර්බුදයක් ඇති වන බව අපි දැනගෙන හිටියා.

ජිනීවාවල මානව හිමිකම් කවුන්සිලය විසින් යුද අපරාධ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න නියමිතව තිබුණා. ඒක බොරුවක් නෙවෙයි. මේ තත්ත්වයට මුහුණ දීමට නොහැකි නිසයි හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට අවුරුද්දකට කලින් ගියේ. මේ ගත වෙන අමාරු කාලය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගත කරන්න තිබුණු අසීරු කාලයයි. නමුත් දැන් කිසිකෙනකුට විදුලි පුටුවත් මතක නෑ. ජිනීවා යුද අධිකරණය මතකත් නෑ. මොකද දැන් එහෙම තර්ජනයක් නැති හින්දා.

අද මුළු ලෝකයම ඉන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක. ඉස්සර ලෝකයේ රටවල් කිහිපයක් අප සමඟ මිත්‍ර වෙනකොට තවත් පිරිසක් විරුද්ධ වෙනවා. නමුත් අද ජාත්‍යන්තරය තුළ සතුරෝ නෑ. මම නායකයෝ තුන් දෙනෙක් එක්ක විදේශගත වෙලා තිබෙනවා. නමුත් අද ජාත්‍යන්තර සමුළුවලදී මෛත්‍රිපාල සිරිසේන කියන ජාතික ඇඳුම ඇඳගත්ත සිහින් ශරීරයක් ඇති ඒ මිනිහට මුළු ලෝකයම ගරු කරන හැටි දැක්කාම අපේ ඇස්වලට කඳුළු එනවා”

Related posts

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කල 15දෙනා යලි රිමාන්ඩ්

colombotoday

කැබ් රථයක ගැටී මව සහ පුතු මරුට

colombotoday

මංගල සමරවීර බණ නැවත්තුවාට බුද්ධශාසන ඇමතිගේ කනගාටුව

colombotoday

කොවිඩ් එන්නත ගන්න උනන්දුව මදි – විශාල එන්නත් තොගයක් විනාශ කිරීමට සිදුවෙයි

colombotoday

ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මකයි.. රට ලොක් ඩවුන් කරන්න බැරිනම් ලොකප් කළ යුතුයි

colombotoday

අත්‍යාවශය නොවන රජයේ සේවකයන්ට හෙට නිවාඩු දීමේ චක්‍රලේඛය නිකුත් කරයි

colombotoday