Colombo Today Local Newsextremism & terrorism activitiesHot News

හින්දු අතහැර මුස්ලිම් ආගමට බැඳෙන්න කියා තර්ජනය කර අම්පාරේ නිවසකට සහ ත්‍රීවීලරයකට ගිනි තබයි

මුස්ලිම් පිරිසක් විසින් අම්පාර, බලතාපති (ස්මයිල්පුරම්) ග්‍රාමයේ ජීවත්වූ චන්ද්‍රසේකර් නමැති දෙමල ජාතික පුද්ගලයෙකුගේ පවුලට හින්දු ආගම අතහැර මුස්ලිම් ආගමට බැඳෙන ලෙස තර්ජනය කර තිබෙනවා. කෙසේ වෙතත් එම තර්ජනයට චන්ද්‍රසේකර් අවනත නොවීම හේතුවෙන් ඔහුගේ නිවසට සහ ඔහු සතු ත්‍රීවීලරයට පසුගිය 30 වැනිදා රාත්‍රීයේ ගිනි තබා විනාශ කර තිබෙනවා.

තම නිවසට ගිනි තබන බව පෙර දිනයේ මුස්ලිම් පිරිස තර්ජනය කල බව චන්ද්‍රසේකර් Colombo Today සමග ප්‍රකාශ කර සිටියා. එම තර්ජනවලට බියවී තමාගේ නෑදෑ පවුල් මුස්ලිම් ආගමට හැරුණු බවත් තමා සහ බිරිඳ පමණක් ආගම මාරු නොකළ බවත් චන්ද්‍රසේකර් ප්‍රකාශ කර සිටියා.

අම්පාර නගරයේ සිට කල්මුනේ දෙසට 9kmක් පමණ ගමන් කිරීමෙන් පසු මෙම ග්‍රාමය සුනාමියට පෙර “බලතාපති” යන නමින් හඳුන්වා ඇත. කෙසේ වෙතත්, සුනාමියෙන් පසු මුස්ලිම් දේශපාලකයන්ගේ මැදිහත් වීමෙන් එම ප්‍රදේශයේ විශාල වශයෙන් මුස්ලිම් පවුල් පදිංචි කර “ස්මයිල්පුරම්” ලෙස එම ප්‍රදේශය නම් කල බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම සිදුවීම පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමට චන්ද්‍රසේකර් කටයුතු කර ඇතත් මේවනතුරු කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව නැත.

Related posts

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද..

Admin

එජාප මන්ත්‍රී රන්ධීර් රොද්‍රිගු නිධන් කඩන්න ගිහින් මාට්ටු.. වෙඩි හුවමාරුවෙන් එක් අයෙක් මරුට

colombotoday

ඩොලර් බිලියන දෙකක LTTE අරමුදල් කැනඩාවේ ගිණුමක

colombotoday

උසස් පෙළ විභාග දෙසැම්බර් 05වනදා ඇරඹෙයි

colombotoday

රට පුරා තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට සැලසුම්

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10දෙනාට එරෙහිව නීතිපති විශේෂ මහාධිකරණයේ නඩු පවරයි

colombotoday