Colombo Today Local News

ඉන්දියාවේදී ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ සම්මාන 7ක් !

itඉන්දියාවේ පැවති එම් බිලියන්ත් ජාත්‍යන්තර සම්මාන ප්‍ර‍දානෝත්සවයේදී ඉ-ස්වාභිමාණී සම්මාන ප්‍රදානෝත්සවයේ අවසන් වටය‍ට තේරුණු නිර්මාණ 7ක් සම්මානයට පාත්‍ර වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

ඉ-රාජ්‍ය හා විවෘත දත්ත, ඉ- සෞඛ්‍ය හා පරිසරය, ඉ-ඉගෙනුම් හා විද්‍යා, ඉ-විනෝදාස්වාදය හා ජීවන රටාව, ඉ-සංස්කෘතික හා සංචාරක ව්‍යාපාරය, ඉ-මාධ්‍ය හා ප්‍රවෘත්ති, ඉ- ව්‍යාපාර හා වානිජ්‍ය, ඉ-අන්තර්කරණය හා සවිබල ගැන්වීම, ජංගම දුරකථන සඳහා අන්තර්ගතයන් යන ක්ෂේත්‍ර යටතේ තරගකරුවන් සිය නිර්මාණ ඉදිරිපත් කර තිබේ.

දෙස් විදෙස් තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් අවසන් වටය සඳහා නිර්මාණ තෝරා ගැනීම සිදුකර ඇති බවත්, ‍ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානය සඳහාද මෙම අවසන් වටයට තේරුණු නිර්මාණ ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබා ඇති බවත් එම නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.

Related posts

ලොව පුරා ශාක පද්ධතිය මුහුණ පා ඇති අවධානම හඳුනාගත් විද්‍යාඥයින් බිය පළ කරයි

colombotoday

දඩුවම දෙවසරක සිර දඩුවමක්… කොටි ඉල්ලූ විජයකලාට එරෙහිව පියවර ගන්න… නීතිපති පොලිස්පතිට දන්වයි…

colombotoday

තිදෙනෙකු ගමන්ගත් යතුරු පැදිය ටිපර් රථයේ ගැටී දෙදෙනෙක් මරුට

colombotoday

ලෝක රන් මිල වාර්තාගත ලෙස ඉහලට

Admin

රටින් පැන්න ලඩියාගේ වත්කම් පොලිස් භාරයට

colombotoday

පුපුරා යන්නේ නැනෝ නයිට්‍රජන් පොහොර නෙවෙයි – මහාචාර්ය මෙත්තිකා විතානගේ

colombotoday