Colombo Today Local News

IMF කමිටු අනුමැතිය ලබාදීම ගැන අවසන් තීරණය අද

මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මෙරට වේලාවෙන් අද රාත්‍රීයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිත අතර එහිදි අදාළ අනුමැතිය ලබාදීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

එම කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්ය.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම වසර 4ක් තුළ ලැබීමට නියමිත අතර එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් මාර්තු මස අගදී ලැබෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.

Related posts

මරණීය දණ්ඩනය නියම වූ රණවිරුවන් සිව් දෙනෙකුට ජනපති සමාව !

colombotoday

මෝටර් රථ අනතුරෙන් ඌව සරසවියේ කථිකාචාර්යවරුන් 5 කට තුවාල

colombotoday

රුවන්වැලි මහ සෑ, ජයශ්‍රීමහා බෝ සමිදුන්ගේ ආරක්ෂාවට අධි ආරක්ෂිත වැටක්…

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

Admin

කොළඹ ප්‍රදර්ශනය කල වාහන බෙදා ගත්තද වෙන්දේසි කලාද?

Admin