Colombo Today Local News

ගෝඨාභය ඝාතනයට කොටි ඩයස්පෝරාව දකුණේ පාතාලයට මුදල් දීලා

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීම සඳහා විදේශගත කොටි ඩයස්පෝරාව විසින් දකුණේ පාතාලයට විශාල වශයෙන් මුදල් ලබා දී තිබෙන බව පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය භාරයේ පසුවන පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් හෙළිකර තිබේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීම සඳහා එල්ටීටීඊය මේ වන විට තුවක්කුකරුවන් රැසක් යොදවා සිටින අතර ඒ සඳහා හිටපු එල්ටීටීඊ සාමාජිකයන් යොදා ගැනීම දුෂ්කර වීම නිසා කොටි ඩයස්පෝරාව පාතාල සාමාජිකයන් යොදවා මෙම ඝාතන සැලැස්ම කි‍්‍රයාත්මක කර තිබෙන බවද සින්නයියා සිවරූබන් පොලිසියට ප‍්‍රකාශ කර ඇත.

මීට පෙර ඔහු මේ බව යුද හමුදා බුද්ධි අංශ වෙතද අනාවරණය කර තිබිණි.

ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමතරව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාද, ඩග්ලස් දේවානන්දා, විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ රිෂාඞ් බදුර්දීන් ඝාතනය කිරීමටද එල්ටිටීඊය මේ වන විට සැලසුම් කර තිබෙන බව මෙම වෛද්‍යවරයා පොලිසියට පාපොච්ඡුාරණය කර තිබේ.

මෙම ඝාතන සැලසුම් සඳහා විදේශගත කොටි ඩයස්පෝරාව විශාල වශයෙන් මුදල් යොදවා තිබෙන බවද ඔහු පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන නිලධාරීන්ට ප‍්‍රකාශ කර ඇත.

Related posts

නිරෝධායන ඇඳිරි නීති කාල සීමාවේ සියලු සතොස විවෘතයි

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි නිශාරා ජයරත්නගේ තනතුර අහෝසියි

colombotoday

ඇමැති 20කගේ දුෂණ ෆයිල් ජනපති කොමිසමට

colombotoday

ඛනිජ තෙල් පිරිපහදුව අමෙරිකානු සමාගමකට

Admin

රවී කබීර් ගැටුම උග්‍ර අතට… ලිට්රෝ ගෑස්, රක්ෂණ සංස්ථාව හා ලංකා හොස්පිටල් කොට උඩ

colombotoday

ඇමරිකානු ප්‍රහාරක නැව් 6ක් කොළඹ වරායට

colombotoday