Colombo Today Local News

සියළුම ධීවර වරායන් විකුණා දමන්න ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය !

රට පුරා සියළුම ධීවර වරායන් විකිණීමට ධීවර ඇමති මහින්ද අමරවීර විසින් ගෙනා කැබිනට් යෝජනාවට අනුමැතිය හිමිව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

කැබිනට් අනුමැතියද හිමිව ඇති මෙම යෝජනාවට ජනාධිපති හෝ මුදල් ඇමති විරෝධය පල කර නැති බවද ඔහු සදහන් කරයි.

දැනටමත් ධිවර වරායන් 11ක් තක්සේරු කිරීමද සිදු කරන අවසන් වන බවත් රටේ සියලූම ධීවර වරායන්, නැංගුරම් පොළවල් බදු දීමට නියමිතව තිබෙන බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.

ධීවර වරායන් සියල්ල විකුණන්න කැබිනට් පත්‍රිකාවක් ගෙනත් තියෙනවා. 2016 ඔක්. 12දා කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. මේ කැබිනට් පත‍්‍රිකාවට ජනාධිපතිවරයාගේ නිරීක්‍ෂත් ආරක්‍ෂක ඇමතිවරයා ලෙස නිරීක්‍ෂණත් එවකට මුදල් ඇමති රවී කරුණානායකගේ නිරීක්‍ෂණත් ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා හෝ මුදල් ඇමතිවරයා මෙම ධීවර වරායන් විකිණීමේ කැබිනට් පත්‍රිකාවට විරුද්ධ වෙලා නැහැ. කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. ආණ්ඩුව හදන්නේ සියලුම ධීවර වරායන් සහ නැංගුරම් පොළවල් බදු දෙන්නයි. මේ වනවිට ධීවර වරාය නීතිගත සංස්ථාවේ මූලස්ථානය ඇතුළු වරායන් 11ක් තක්සේරු කර අවසන්. මූලස්ථාන කාර්යාලයේ වාහන, ඉඩම, විකුණන්න තක්සේරු කොට තිබෙනවා. මූලස්ථාන කාර්යාලෙයේ තක්සේරු වටිනාකම රුපියල් විසිඅටකෝටි හාරලක්ෂ හතලිස්තුන්දහසයි (රු. 280,443,000). තංගල්ල, කිරින්ද, මිරිස්ස, පුරාණවැල්ල, කුඩාවැල්ල, සුදුවැල්ල, නිල්වැල්ල, වාලච්චේන, කල්පිටිය, කෝඩ්බේ, යන සියලූ වරායන් තක්සේරු කර හමාරයි. මුළු තක්සේරු වටිනාකම රුපියල් එකසිය හැටනව කෝටි විසිහත් ලක්ෂ පනස් තුන්දහස් නවසිය පනහයි (රු. 1,692,753,950).

මෙම වරායන් පෞද්ගලික අංශයට බදුදීම නිසා රටේ ජාතික ආරක්‍ෂාවට ධීවරයින්ගේ ජන ජීවිතයට, ධීවර කර්මාන්තයට මරු පහරක් එල්ල වෙනවා. මෙම ධීවර වරායන් සියල්ල පෞද්ගලික ආයතනවලින් පාලනය කරන්න පටන් ගතහොත් එය රටේ ආරක්‍ෂාවට ප‍්‍රශ්නයක්. එමෙන්ම මෙම ධීවර වරායන් මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතිවෙන්න පුළුවන්. අපේ රටේ ධීවරයින් පෞද්ගලික ආයතනවල නීතිරීතිවලට යටවෙනවා. නාවික හමුදාවේ ආරක්‍ෂාව ලැබෙනවා කියලා ආණ්ඩුව කිව්වට මේ සියල්ලම නාවික හමුදාවට පාලනය කරන්න බැහැ. මේ වනවිටත් ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා මගින් අපේ මුුහුදේ මාළු හොරකම් කරනවා. ඒවා වළක්වන්න නාවික හමුදාවට බැරිවෙලා තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, ධීවර වරායන් බදු දීමේ අපරාධය වහා නතර කරන්න කියලා. ධීවර ජනතාවගේ හදවත බඳු ඔවුන්ගේ ජීවනාලිය වන ධීවර වරායන් විකුණන්න එපා. බදු දෙන්න එපා. ජනතා විමුක්ති පෙරමුණ ලෙසත් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ලෙසත් අපි මේ ආණ්ඩුවේ විකිණීමේ කි‍්‍රයාවලිය නතර කිරීම සඳහා ධීවර සංස්ථාවේ සේවකයින් සමඟත් රටේ ධීවර ජනතාව සමඟත් ඒකාබද්ධ කි‍්‍රයාමාර්ග ගැනීමට සූදානම්.”

Related posts

ක්‍රිකට් තරග පාවාදීම් ගැන හොයන්න FCIDය ටෙලි නිළියකට දැළ එලයි

colombotoday

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 460ක් දක්වා ඉහලට

colombotoday

මෝටර් රථයක් ප්‍රපාතයකට තල්ලු කර සිව් දෙනෙක් පැනගිහින්

colombotoday

විවාහක රූ රැජිණ කිරුළ ගලවා ගත් කැරොලයින් ගැන සංවිධායක මණ්ඩලය කණස්සල්ලෙන්. ජාත්‍යන්තරයෙන් තීරණයක් ?

colombotoday

කොණ්ඩයා නිදොස් කොට නිදහස්

colombotoday

ආණ්ඩුවේ පසුපෙලින් රතන හිමට සහ පාදෙණියට විරෝධයක්. – පොහොර ප්‍රශ්නය ගැන අහද්දි කාබනික වගාවේ වැදගත්කම කියන්න ගිහින්

colombotoday