Colombo Today Local News

කොණ්ඩයා නිදොස් කොට නිදහස්

SAMSUNG CAMERA PICTURES

කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවේ පසු වූ කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත නිදහස් කර තිබේ.

ඒ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණගේ නියෝගයකට අනුවයි. අනතුරුව කොණ්ඩයාගේ සහෝදරයා සමන් ජයලත් නොවැම්බර 2 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

සේයා ඝාතනය සම්බන්ධයෙන් විද්‍යාත්මක හා පරිවේෂනීය සාක්කි ඔස්සේ විමර්ශන කළ බවත්, ඒ අනුව මෙම නඩුවට කොණ්ඩයා අදාළ බව තහවුරු වී නැති නිසා ඔහු නිදහස් කරන මුදා හරින ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට වරෙන්තු වී සිටින බැවින් ඔහු එම අධිකරණ වෙත ඔහු ඉදිරිපත් කරන්නැයි බන්ධනාගාරයට නියෝග කරන ලෙස ගම්පහ පොලිසිය සහ වේයන්ගොඩ පොලිසිය ඉල්ලීමක් කළේය.

ඒ අනුව සේයා ඝාතන නඩුවෙන් දුනේෂ් ප්‍රියෂාන්ත මුදා හරින බව කී මහේස්ත්‍රාත් එම නඩු දෙක සඳහා ඔහු ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝග කරමින් එතෙක් රිමාන්ඩ් කළේය.

Related posts

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදු සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලයි

colombotoday

කොරෝනා මරණ භුමිදනයට අවසර ?

colombotoday

සයිනොපෙක් පෙට්‍රල් ඩීසල් රුපියල් 3ක් අඩුවෙන් දෙයි

Admin

උ/පෙළ ප්‍රතිඵලවලට කිසිදු හානියක් සිදුව නැහැ – විභාග දෙපාර්තමේන්තුව

colombotoday

අලුත් ආණ්ඩුවේ ඇමති ධුර බාර ගන්නේ නෑ

colombotoday

දුම්වැටි වර්ග වල නවතම මිල ගණන් මෙන්න

Admin