Colombo Today Local News

ආණ්ඩුවේ පසුපෙලින් රතන හිමට සහ පාදෙණියට විරෝධයක්. – පොහොර ප්‍රශ්නය ගැන අහද්දි කාබනික වගාවේ වැදගත්කම කියන්න ගිහින්

පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංකා එකෙහිදී පැවැති සාකච්ජාවකදී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට සහ අතුරලියේ රතන හිමිට දැඩි විරෝධයක් පළව ඇති බව දැනගන්නට ඇත.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව පැවැත්වී ඇති බවත්, ඊට විශාල මැතිඇමැතිවරුන් පිරිසක් මෙන්ම නිලධාරීන් පිරිසක්ද එක්ව සිට ඇති බවත් වාර්තා‌ වේ.

මෙහිදී ශ්‍රීලනිප මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ගම්වල මතුව ඇති පොහොර හිගය හේතුවෙන් ගොවීන් දැඩි අර්බූදයකට මුහුණ දී සිටින බවත්, ගොවීන් අසන ප්‍රශ්නවලට තමන්ට පිළිතුරු නැති බවත් කියා තිබේ.

එහිදී පාදෙණිය මහතා සහ රතන හිමියන් කාබනික පොහොර වගාවේ ඇති වැදගත්කම පෙන්වා දීමට යාමේදී රැස්ව සිටි පිරිස දැඩි විරෝධයක් ඔවුන්ට පළ කොට ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා නැගී සිටිමින් ඉදිරියේදී වගාවට අවශ්‍ය පොහොර තිබේද යන්නත්, එම කාබනික පොහොර යොදාගෙන වගා කිරීමට අවශ්‍ය බීජ තිබේද යන්නත්, කාබනික වගාවන්ගේ මිල දැරීමට ‌පාරිභෝගිකයන්ට හැකිද යන්නත් විමසා තිබේ.

නමුත් ඊට නිසි පිළිතුරක් ලැබී නොමැති බවක්ද දැනගන්නට ඇත.

ඒ අනුව සාකච්ජාව අතරමැදදි බොහෝ පිරිසක් ඉවත්ව ගොස් ඇති බවද දැනගන්නට තිබේ.

mawrata

Related posts

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

Admin

එජාප – ශ්‍රීලනිප සම්මුති හවුල අවුරුදු පහකට දිග්ගැස්සෙයි !

colombotoday

සිරකරුවන් 600 කට ජනපති පොදු සමාව

colombotoday

කොවිඩ් දේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

මේ අවස්ථාව රථ වාහන ආනයනයට ඉඩක් ලබාදිය හැකි අවස්ථාවක් නෙමෙයි. – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

උතුරේ බෞද්ධ උරුමය වැනසීමට එරෙහිව යුනෙස්‌කෝවට පැමිණිල්ලක්

colombotoday