Colombo Today Local News

මින් ඉදිරියට ලෝකය පෙරට ගෙනයන දේශපාලන දර්ශනය වන්නේ ජාතිකවාදයයි

jhu

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය පිළිබඳ තම පක්ෂය සතුටු වන බවත්, ඔහුගේ ජයග්‍රහණය ජාතික හෙළ උරුමය දැරූ ප්‍රතිපත්තියේ ජයග්‍රහණයක්‌ බවත් ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසිය.

ඔහු එම අදහස්‌ පළ කළේ එම පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (10 ) පැවැති මාධ්‍ය හමුවකදීය.

”ජාතිකවාදය පිළිබඳ අද මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ජනතාවගේ සිතුම් පැතුම් නොපිළිගන්නා නායකයන්ට පැවැත්මක්‌ නැති බව මේ තුළින් පිළිබිඹු වී තිබෙනවා. අපේ නායකයන්ට ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් උගත හැකි පාඩම් බොහෝමයි” වර්නසිංහ මහතා එහිදී කියා සිටියේය.

”ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය පසුගිය ජනවාරි අටවැනිදා ජයග්‍රහණය හා සමානයි.

ට්‍රම්ප් වගේම සිරිසේන මහතාටත් මාධ්‍ය බලය රාජ්‍ය බලය හමුදා බලය තිබුණේ නැහැ. පිටින් ගොඩනැඟුණු සිවිල් සංවිධාන හරහා ගොඩනැඟුණු බලයක්‌ ඔවුන්ට තිබුණේ.

ඒ නිසා මහින්ද රාජපක්‌ෂ මහතාගේ ජයග්‍රහණයක්‌ බවට ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණය පත්වන්නේ නැහැ. මේ ජයග්‍රහණයේ සුජාත අයිතිකරුවන් වෙන කිසිවකු නොව ජාතික හෙළ උරුමයයි.” යයි ද ඔහු අවධාරණය කළේය.

ඒ වගේම මෙහිදී හිලරිගේ පරාජය අපට තවත් ආකාරයකට වැදගත් වනවා. අපට මතකයි 2009 වසරේ අපි රටක් විදියට කොටි පරදවන්න අවසන් සටන ක්‍රියාත්මක කරද්දී හිලරි නෝනා අපට බාධා කලා. ඇගේ මෙහෙයවීමෙන් නීෂා බිස්වාල්, සමන්තා පවර් වගේ අයත් අපට එරෙහිව නොයෙකුත් බලපෑම් කලා. ඒ නිසා හිලරිගේ පරාජය හුදු ඇගේ පරාජයක් පමණක් නොවේ නීෂා බිස්වාල්, සමන්තා පවර් ඇතුළු කණ්ඩායමේ පරාජයයි.

ජාතිකවාදය පිලබඳව විශාල කතාබහක් පසුගිය කාලයේ ඇතිවුනා. ශ්‍රී ලංකාවේ සිංහල ජාතිකවාදී කණ්ඩායම නියෝජනය කරන එකම දේශපාලන පක්ෂය වන්නේ ජාතික හෙළ උරුමය පමණයි. මේ රටේ මහා ජාතිය වන බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ ජාතික හැඟීම වන ශ්‍රී ලංකා රාජ්‍යයේ ජාතික ආරක්ෂාව, පැවැත්ම හා සුරක්ෂිතභාවය වෙනුවෙන් පෙනී සිටින්නේ අප පමණයි. අප පක්ෂය ආරම්භ කරනවිට ජාතිකවාදය යනු ඉතා ගර්හාවට ලක්වුනු චින්තනයක් ලෙස සලකපු ඇතමුන් අපට ජාතිවාදීන්, යුධකාමීන්, ආගමික උන්මත්තකියින් ලෙස හැඳින්වූ බව අපට මතකයි.

එදා අපිට සලකපු විදියටම මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වුනු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාවත් ජාතිවාදියෙක්, ආගමික උන්මත්තකයෙක්, යුධවාදියෙක් ලෙස හඳුන්වලා ඔහුව තලාපෙලා පාගාදමන්න ලෝක ජනමාධ්‍ය ඇතුළු බොහෝ පිරිස් උත්සහ කළා. නමුත් ඒ සියලු බලවේග පරාජය කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනපතිවයා ලෙස තේරී පත්වුනා. දැන් මේ සිදුවීමෙන් ඉතා වැදගත් පණිවිඩයක් ලබාදෙනවා. ඒ තමයි මින් ඉදිරියට ලෝකය පෙරට ගෙනයන දේශපාලන දර්ශනය වන්නේ ජාතිකවාදයයි කියන පණිවිඩයයි. ඒ වගේම ඒතුළින් ඕනෑම රටක ඒ රටේ ජීවත්වන මහා සමාජයේ සිතුම් පැතුම් හා ඔවුන්ගේ ඕනෑ එපාකම් සහ අපේක්ෂාවන් නියෝජනය නොකරන දේශපාලන නායකයින්ට පැවැත්මක් නැති බව ඔප්පුවෙලා තියෙනවා. ඒ නිසා අද අපේකමට ගරහන සිංහල ජාතිකවාදයට ගරහන හා මේ රටේ බහුතර සමාජය නින්දාවට ලක්කරන දේශපාලන නායකයින්ටත් ඇමරිකානු ජනපතිවරණයෙන් උගත හැකි පාඩම් බොහොමයක් පවතින බව අප ප්‍රකාශ කළයුතුයි.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

මුදලට ක්‍රිකට් පාවාදීමේ චෝදනාවෙන් ක්‍රීඩකයෝ පස්දෙනෙක් නිදහස් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කරයි

colombotoday

ජූනි වන විට පාසල් තුන්දහසක් ඩිජිටල් කරනවා – අමාත්‍ය සුසුල් ප්‍රේම ජයන්ත

Admin

සජිත් පාක්ෂිකයන් නොමග යවලා.. “තවම නියෝජ්‍ය නායකකමින් ඉවත් වුණේ නෑ” – අකිල කියයි

colombotoday

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දා මෙරට නිල සංචාරයක

colombotoday

විජේදාස රාජපක්ෂ තක්කඩි දේශපාලකයෙක්. ඔහුගේ මොලේ චෙක් කරන්න | මුජුබර් රහුමාන් කියයි

colombotoday