Colombo Today Local News

අක්කර 2100ක පුරාවිද්‍යා බිමක් උක් වගාවට විදෙස් සමාගමකට දීලා !

පුරාවිද්‍යා වටිනාකමක් සහිත මොණරාගල ඇතිමලේ ප්‍රදේශයේ අක්කර 2100ක් උක් වගා කිරීමට විදෙස් සමාගමකට ලබාදී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් පවසන්නේ එසේ ලබාදී ඇති බිමේ පුරාවිද්‍යා ස්මාරක විශාල ප්‍රමාණයක් ඇති බවයි.

එම භූමියේ තිබූ පුරා විද්‍යා වටිනාකමින් යුත් ස්ථාන 30ක් පමණ ඩෝසර් කර ගිනිතබා ඇති බවද එහිමියෝ කීහ.

මෙසේ විනාශ කර දමා ඇත්තේ ගල්කණු සහිත ගොඩනැගිලිවල නටබුන්, කළුගලින් කරන ලද අනුරාධපුර රිටිගල නටබුන් මෙන් අක්කර 15ක පමණ විසිරුණු නටබුන් සහිත ප්‍රදේශයක් බව පැවසේ.

ගල්පලු සහිත ස්මාරක කිහිපයක් දැනට ආරක්ෂිතව ඇති හෙයින් ඒවා ආරක්ෂි කිරීමට කටයුතු කරන ලෙස උන්වහන්සේ පුරා විද්‍යා කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වේ.

අදාළ ඉඩම ජර්මන් සමාගමකට ලබාදී ඇති බව පැවසෙන අතර එම තත්ත්වය නිසා එහි හේන් ගොවිතැන් කළ ගොවියන්ට හේන් කිරීමට ද ඉඩම් අහිමිවී ඇති බව පැවසේ.

එම සමාගම විසින් සිය ඉඩම වටා අලිවැටක් ගැසීම නිසා අලි ගම් වැදීමද වැඩිවී ඇති බව වාර්තා වේ.

Related posts

රන්ජන්ගේ නැතිවූ උණ්ඩ 23ට සිදුවූ දෙය පොලීසිය සොයයි

colombotoday

වරාය විකිණීමට එරෙහිව ඉදිරිපත් කළ, කුණු කූඩයට වැටුණු කැබිනට් පත්‍රිකාව මෙන්න

colombotoday

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි දිවයිනට

Admin

ආසාදිතයින් සංඛ්‍යාව 505 ක් දක්වා ඉහළට. අද දිනට 45 වැනි රෝගියාත් වාර්තා වේ.

colombotoday

තහනම් කළ යාපනේ කොටි ස්මාරකය නගර සභාවෙන් යළි හදයි….

colombotoday