Colombo Today Local News

අධිකරණ අපහාස නඩුව විභාගයට ගනිද්දී රන්ජන් රාමනායක උසස්පෙළ ලියන්න ගිහින්.

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමානායක මහතා මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට අපේක්ෂකයෙකු හැටියට පෙනී සිටින බැවින් ඔහු නොමැතිව, ඔහුට එරෙහිව පවරා ඇති අධිකරණ අපහාස නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද  (05) අවසර ලබා දී ඇත.

ඒ අනුව අද  දින රාමනායක මහතා උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර ,ඔහුට එරෙහි අපහාස නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවිණි.

අධිකරණය අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල ප‍්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත ද්වි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

විනිසුරු මඩුල්ලේ සංයුතිය නිසි පරිදි නොවීම හේතුවෙන් නඩු විභාගය  හෙට (06) ට කල් තැබිණි.

විශ‍්‍රාමලත් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත‍්‍රය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කෙරිණි.

නියෝජ්‍ය අමාත්‍ය  රංජන් රාමනායක මහතා එරෙහි අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත‍්‍රයේ මෙසේ සඳහන් වේ.

විත්තිකරු ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරමින් 2017 අගෝස්තු 21 වැනි දින අග‍්‍රමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකදී මාධ්‍ය වෙත ලබා දුන් ප‍්‍රකාශයක් මඟින්  ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට නුගේගොඩ , ගංගොඩවිල ,වලව්වත්ත පාර් ,අංක 43 /11 දරණ ස්ථානයේ පදිංචි රණවක සුනිල් පෙරේරා නැමැත්තා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල 2017 නොවැම්බර් 21  සහ දෙසැම්බර් 14 යන දිනයන්හී අධිකරණය හමුවේ කැඳවා ඊට අදාළව එම්.ටී.වී චැනල් පෞද්ගලික සමාගම කැඳවා අදාළ වීඩියෝපට විත්තිකරු හමුවේ අදාළ ප‍්‍රකාශ පෙන්වා ඇත.

ඒ අනුව ඒ අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ මතය වී ඇත්තේ පැමිණිලිකාර පාර්ශවයේ ප‍්‍රකාශ අදාළ වීඩියෝ පටයේ සඳහන් වන බවය.

ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 යන වගන්තිය යටතේ විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල විභාගයට ගැනීමට විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.මෙයින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය ප‍්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කොට විත්තිකරුට දඬුවම නොකිරීමට හේතු දක්වන ලෙසට නියෝග කරමින් මෙම ආඥාවක් නිකුත් කරමි.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය  රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා වන චෝදනා ආඥා කෙටුම්පතක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ඉකුත් ජුනි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියමය අනුව නීතිපතිවරයා මෙම කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදී. ඒ අනුව විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි චෝදනා පත‍්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා විසින් කියවා බාර දෙන ලදී.

පෙත්සම්කාර සුනිල් පෙරේරා මහතා  සිය පෙත්සම් වලින්  පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මස අග‍්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය  අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී ඇති බව කියා සිටි බවයි.

මෙම ප‍්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය බිඳ වැටෙන බවත් ඒ හරහා රංජන් රාමනායක නියෝජ්‍ය  අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.

මේ හේතුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙනුවෙන් නිතිඥ ඇම්.ඒ සුමන්තිරන් මහතා ද ,නීතිපතිවරයා වෙනුවෙන් පෙනී රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් විරාජ් මහතා සහ රජයේ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටියහ.

Related posts

ගිලන් වූ සෝභිත හිමි සිංගප්පූරුවට.

colombotoday

ජොන්ස්ටන්ට එරෙහිව පැවති නඩුව යලි විභාගයට ගන්න – නගානන්ද කොඩිතුවක්කු

colombotoday

සම කල IOC ඉන්ධන මිල ගණන් මෙන්න

Admin

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

colombotoday

යුක්තිය වෙනුවෙන් විශේෂ රථවාහන මෙහෙයුමක්

Admin

කසළ ගොඩ ගැසේ.. කොළඹ ම දුගද හමයි.. වසංගත රෝග අවදානමක් ! සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

colombotoday