Colombo Today Local News

තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් වෙයි.. කොලොන්නාව තෙල් ගබඩාව හමුදාව යටතට !

කොලොන්නාව තෙල් නිමාව සංකීර්ණයට අද අලුයම යුද හමුදාව ඇතුළු විය. ඒ, අනුව යුද හමුදාව විසින් එහි සිටි සේවකයින් ඉවත් කිරීමට පියවර ගනු ලැබිණි.

නමුත් එම අවස්ථාවේදී එහි සිටි සේවකයින් ඊට විරෝධය පල කළහ.

කොලොන්නාව තෙල් නිමාව සංකීර්ණයේ සහ එහි සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් එම ස්ථානයෙන් ආරක්ෂක අංශ විසින් ඉවත් කළ බවට පොලීසිය පැවසු බව අප වාර්තාකරු සඳහන් කළේය. ඒ, අනුව ඉවත් කළ සේවකයින් මේ වනවිට කොලොන්නාව තෙල් නිමාව සංකීර්ණයේ ගේට්ටුව අසළ රැඳී සිටින බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් ඊයේ මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට රජය පියවර ගැනිණි. ඒ අනුව ඛනිජ තෙල් ගොඩබෑම ද අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්වනු ඇති.

[fbvideo link=”https://www.facebook.com/slnewslanka/videos/335730760199909/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පාරකට නම් ගහන්න ගිය ඇමති සිරිපාල ගම්ලත් ට දැඩි විරෝධයක්

Admin

ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් මහේෂ් සේනානායක දැක්වූ අදහස්

colombotoday

ජපානයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු ජනපති හමුවෙයි

Admin

රුපියලේ අගය තවත් ශක්තිමත් වෙයි

Admin

ආපදා මරණ 20 දක්වා ඉහළට… පනස්දාහක් අවතැන් කඳවුරුවල…

colombotoday

ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ගැන හොයන්න’යි නීතිඥවරු සිව්දෙනෙකුගෙන් අගවිනිසුරුට ලිඛිතව පැමිණිල්ලක්

colombotoday