Colombo Today Local News

ජනාධිපති කොමිෂන් සභා නිර්දේශ ගැන හොයන්න’යි නීතිඥවරු සිව්දෙනෙකුගෙන් අගවිනිසුරුට ලිඛිතව පැමිණිල්ලක්

දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී ඇද්දැයි, අනාවරණ කර ගැනීම සඳහා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා නීතිඥවරු 4 දෙනෙක් අද අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

පැමිණිල්ලෙන් ඉල්ලා ඇත්තේ, 2015 ජනවාරි 8 වැනිදා හා 2019 නොවැම්බර් 19 වැනිදා කාලය අතරතුරදී සිදුව ඇතැයි, කියන දේශපාලන පළී ගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් යුක්තිය අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්තේ ද යන කරුණු පිළිබඳව මෙන්ම අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම්වලට එමගින් හානියක් සිදුවී ඇත් ද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.

නීතිඥ සේනක පෙරේරා, අචලා සෙනෙවිරත්න, නාමල් රාජපක්ෂ හා තම්බයියා ජෙයරත්නරාජා යන නීතිඥවරුන් සිව් දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මගින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කල අංක 2157 / 44 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ හෝ අධිකරණ නඩු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත්ම කර නොමැති බව පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිඥවරු පෙන්වා දෙති.

දුමින්ද සිල්වා මහතා දේශපාලන අසාධාරණයට ලක්කර ඇති බවත් ඔහුට එරෙහිව නියම කර ඇති මරණ දඬුවමට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව නැවත සලකා බැලීමට නිර්දේශ කිරීම මගින් අධිකරණයට යුක්ති හා සාධාරණත්වයට කරනු ලැබු අපහාසයක් වන්නේ යැයි ද එම නීතිඥවරුන් පැමිණිල්ල මගින් අගවිනිසුරුවරයා වෙත පෙන්වාදි තිබේ.

Related posts

ගෑස් සිලින්ඩර් ගිනි ගැනීම් ගැන විමර්ශනයට පත් කළ ජනපති කමිටුව රැස්වෙයි

colombotoday

කොවිඩ් ආසාදිත උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන ලෙස රෝහල් සූදානම් කෙරේ

colombotoday

බදියුදීන්ගේ ඉල්ලීමට ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday

2021 සා/පෙළට අයදුම්පත්‍ කැඳවීම අදින් අවසන්

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කුගදාසන් ට

Admin