Colombo Today Local News

වදක තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනෙකු තෝරා අවසන්

වදක තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනෙකු තෝරා අවසන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ තනතුර සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පසුගිය මාර්තු මාසයේ පැවැත්වූ අතර, ඉන් අයදුම්කරුවන් 26 දෙනෙකු අවසන් වශයෙන් තෝරාගනු ලැබුවා.

පසුව එම 26 දෙනා වදක තනතුර පුහුණුව සඳහා යොමුකර ඉන් ඉහළම ලකුණු ලබාගත් පුද්ගලයින් දෙදෙනා මෙසේ එම තනතුර සඳහා තෝරාගත් බවයි වාර්තා වන්නේ.

මෙම වදක තනතුරුලාභීන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ සේවයේ යෙදවීමටයි නියමිතව ඇත්තේ.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයත් සමග වැලිකඩ බන්ධනාගාරයද එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා.

මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනාවලට වරදකරුවන් වූ 18 දෙනෙකු මරණීය දණ්ඩනය නියමව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

රුපියල තවත් බාල්දු වෙනහැටි

colombotoday

පාර්ලිමේන්තුවත් හදිසියේ කැදවයි…

colombotoday

මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

රජයේ සුවිශේෂී නව ආර්ථික වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයට

colombotoday

නොවැම්බර් පස් වන දින දමිළ පාසල් සදහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ.

colombotoday