Colombo Today Local News

මව්බිමට රැගෙන යන බව පවසන ජාවාරම්කරුවන්ට මුදල් ලබාදිමෙන් වැළකින්නැයි ලාංකික ශ්‍රමිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මව්බිමට රැගෙන යාම සඳහා කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව මුදල් ජාවාරමක නිරතවන බවට තම තානාපති කාර්යාලයට පැමිණිලි ලැබෙන බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය පවසයි.

මෙලෙස මුදල් එකතු කරන්නේ තානාපති කාර්යාලය ද එය රජයේ අනුදැනුම මතද යන්න මෙම ජාවාරමට හසුවු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිරන්තරව තානාපති කාර්යාලයෙන් විමසා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධව ශ්‍රී ලාංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කර සිටියේ ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත මව්බිමට රැගෙන යාම සඳහා මුදල් එකතු කිරිමට කිසිම පුද්ගලයකුට හෝ සංවිධානයකට බලය හෝ අවසර ලබා දි නොමැති බවය.

එබැවින් මෙවැනි ජාවාරම්කරුවන්ට මුදල් ලබාදිමෙන් වැළකෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

මේ අතර ලෙබනනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා ගොඩබැස්සවීමේ අවසරය අවශ්‍ය බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ගුවන් සමාගම් වෙත දැනුම්දී තිබියදී, ඇතැම් ගුවන් ටිකට්පත් නියෝජිතයින් විසින් මගින්ට ගුවන් ටිකට්පත් අලෙවිකරණ බවටද තානාපති කාර්යාලය නිවේදනය කරයි.

බීරූට් ගුවන්තොටුපොළ මගින්ට සීමා කර ඇති අතර, ගුවන් යානා අසුන් ගැනීම් පත්‍ර (Boarding Pass) නිකුත් කරනු නොලැබේ.

Related posts

ඉහළ ගිය ඉන්ධන කෝටාව මෙන්න

Admin

ලංකාව අනාගමික කරන්න, ත්‍රස්ත පනත අහෝසිකර කොටි සැකකරුවන් නිදහස් කරන්න නිර්දේශ කෙරේ…

colombotoday

සත්ව ඝාතන අඩු කරන්න රටින් ගේන මස්වලට බදු අඩුකරයි

colombotoday

මුතුරාජවෙල තෙත්බිම් කලාපය ගැන අභියාචනාධිකරණයෙන් නීතිපතිවරයාට නියෝගක්

colombotoday

වේදෙනිගම විමලතිස්ස හිමි පැහැරගැනීම පිටුපස DIG දේශබන්දු තෙන්නකෝන්

colombotoday

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයට වහාම ඉවත්වන්නැයි ඇමැති කියයි

colombotoday