Colombo Today Local News

‘පොලිස් බලතල ගන්න පොලීසියට බැදෙන්න‘ – විග්නේශ්වරන් උතුරේ දෙමළ තරුණයන්ගෙන් ඉල්ලයි

උතුරු පළාතට පොලිස් බලතල ලබා ගැනීම සදහා වැඩි වැඩියෙන් දෙමළ තරුණයින් පොලිස් සේවයට බැදිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

“පොලිස් බලතල ලබාගැනීමට අපගේ තරුණ තරුණයින් පොලිස් සේවයට බැඳිය යුතුය. පොලිස් සේවයට අපගේ තරුණ තරුණයින් බැදුණහොත්, අපගේ ප්‍රදේශයට පොලිස් බලතල ලබගැනීමට හැකිය. අපගේ තරුණ තරුණයින් එයට උනන්දුවිය යුතුය” යනුවෙන් උතුරු පළාතේ පොලිස් නිලධාරීන් සමග යාපනය කයිතඩි හී ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇත.

යුද්ධය පැවති කාලයේදී පොලීසියට එරෙහිව යම් යම් කටයුතු සිදුවී ඇති නමුත්, මේ වන විට පොලිස් බලතල ක්‍රියාත්මක කලයුතු තැනට පැමිණ තිබෙන බැවින් දෙමළ තරුණ තරුණියන් වැඩි වශයෙන් පොලිස් සේවයට ඇතුල් විය යුතු බවද මහ ඇමතිවරයා අවධාරණය කර ඇත.

මූලාශ්‍රය

Related posts

ඉන්ධන මිල අඩු නොකලේ පෝලිම් ඇතිවෙන නිසයි

Admin

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

colombotoday

තීන්ත නිශ්පාදන ආයතනයකින් නින්දිත වැඩක්.. පිළිකාවෙන් සමාජය බියවද්දා අලෙවිය වැඩිකරගැනීමේ මෙහෙයුමක

colombotoday

“යුද අපරාධ චෝදනා පරීක්ෂණයට විදෙස් විනිසුරන් නෑ” ජනපති යළිත් අවධාරණය කරයි

colombotoday

දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

Admin

වෙසක් වෙනකල් කසිප්පු ජාවාරම්කරුවන්ට පොලිස් උපදෙස්

colombotoday