Colombo Today Local News

“2009 ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය තුරන් කළත්, දැන් තත්ත්වය අවදානම්“ – බ්‍රිතාන්‍ය රජය

ශ්‍රී ලංකා තුළ ත්‍රස්තවාදි තර්ජනය ඉවත දැමිය නොහැකි බව ශ්‍රී ලංකාවේ පිහිටා ඇති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදහස් කරන එංගලන්ත සංචාරකයන් වෙනුවෙන් ඔවුන් නිතිපතා ලබාදෙන උපදෙස් මාලාවේ මේ බව සඳහන් වෙයි.

එහි නවතම යාවත්කාලීන කිරීම ඊයේ (13දා) සිදුකර තිබේ. ත්‍රස්තවාදය, ආරක්ෂාව, දේශීය නීතිය, රටට ඇතුළුවීමේ නීතිය, සෞඛ්‍ය, ස්වාභාවික ආපදා, මුදල් හා සංචාරක උපදෙස් යටතේ මෙම යාවත්කාලීන කිරීම සිදුකර තිබේ.

2009 වසරේදී ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කළත් ඇතැම් ප්‍රදේශවලට තවමත් ඉහළ ආරක්ෂාවක් සපයා ඇති බවත් එවැනි ප්‍රදේශවලට මෙන්ම අධි ආරක්ෂිත කලාප වලට ඇතුළු නොවන ලෙසත් මහ කොමසාරිස් කාර්යාලය උපදෙස් දෙයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ බොහෝ විට එංගලන්ත සංචාරකයන්ට ගැටලුවකින් තොරව සංචාරය කළ හැකි නමුත් ලිංගික හිංසනය, මාර්ග අනතුරු, ජලයේ ගිලීම් හා ණය කාඩ්පත් වංචා පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩෙංගු රෝගයේ අවධානමක් තිබෙන බවත් මෝසම් වැසි ඇති විය හැකි වීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ඔවුන් එංගලන්ත සංචාරකයන් ඉල්ලා සිටියි.

එසේම එංගලන්ත සංචාරකයන් වෙනුවෙන් ලෝකය පුරාම ත්‍රස්තවාදී අවධානමක් පවතින බවත් මේ පිළිබඳව අවධානය යොමුකරන ලෙසත් මහ කොමසාරිස් කාර්යල පවසයි.

Related posts

යාපනේ ගිය සජිත් ප්‍රේමදාස හා 13 වන සංශොධනය

colombotoday

ඩොලර් බිලියන 8 ක් උපන්න බදු දෙන්න යන දේපළ මෙන්න – කටුනායක, මත්තල සහ රත්මලාන ගුවන්තොටුපළවල්ද ඒ අතර

colombotoday

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති මෛත්‍රීපාල ඇතුළු විත්තිකරුවන් 5ගෙන් වන්දි අයකර ගැනීමට නියෝග

Admin

කොරෝනා මෘතදේහ භූමිදානය ගැන කැබිනට් එක තීන්දුවක් ගත්තේ නෑ. | අනවශ්‍ය ආන්දෝලන ඇති කලේ අධිකරණ ඇමති අලි සබ්‍රි

colombotoday

LTTE ත්‍රස්තයන්ගේ ක්‍රමයට අවමඟුල් උත්සවයක් නොර්වෙහිදී

colombotoday

යාපනය අධි ආරක්ෂිත කලාපයේ ඉඩම් අක්කර 400ක් නිදහස් කරයි…

colombotoday