Colombo Today Local News

“LTTEය පවා විනාශ නොකළ උ/නැගෙනහිර පුරාවිද්‍යා භූමි, දාගැබ් යුද්ධයෙන් පසු විනාශ කරලා“ – ඇමති අකිල

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පවා විනාශ නොකළ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පිහිටි පුරාවිද්‍යා භූමි, දාගැම්, ස්මාරක යුද්ධය අවසන් වූ පසු විනාශ කර ඇති බව අධ්‍යාපන හා සංස්කෘතික ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පෙරේදා (07) පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ගෙවී ගිය දශක තුන තුළ පැවති යුද්ධය හේතුවෙන් අදාල ප්‍රදේශවල පුරා විද්‍යා උරුමයන් සංරක්ෂණය කිරීමේදී ගැටළු මතුවූ බව අප පිළිගත යුතුයි. නමුත් යුද්ධය අවසන් වී වසර අටක් ගත වී ඇති මේ මොහොත වන තුරු උතුරු හා නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා භූමි සුරක්ෂිත කිරීමේ කටයුතු මන්දගාමී වීම තුළ ගැටළු රැසක් ඇති වී තිබෙනවා. මෙය බරපතල තත්වයක්.

ඇතැම්විට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විනාශ නොකළ ඇතැම් පුරාවිද්‍යා භූමි, දාගැබ්, ස්මාරක යුද්ධය අවසන් වූ පසු පසුගිය වසර කිහිපය තුළ නිධන් හොරුන්ගේ සහ විවිධ පාර්ශවයන්ගේ බලපෑමෙන් විනාශ වී ගිය බව රහසක් නොවේ.

එවගේම මේ වන විට මෙරට ජනතාවගේ සහජීවනය හා සංහිඳියාව බිඳදමන උතුර සහ නැගෙනහිර වෙසෙන අතලොස්සක් අන්තවාදීන්ගේ බලපෑම්ද මේ පුරාවස්තු විනාශයට බල පා තිබෙනවා. ඇතැම් විට මේ තත්ත්වය වාර්ගික ගැටුම් බවට හුවා දක්වන අවාසනාවන්ත මට්ටම දක්වාද ඔඩු දුවා අවසන්.

සිංහල, දෙමළ, මුස්ලිම් සංහිඳියාවට අභියෝග කරමින් ඇතැම් පිරිස් පුරාවිද්‍යා භූමි තුළ අනවසර ඉදිකිරීම් සිදුකිරීම, පුරාවස්තු විනාශ කර දැමීම ආදී සිදුවීම් රැසක් මේ වන විට වාර්තා වී තිබෙනවා.

තත්ත්වය මේ දක්වා දුර දිග ගියේ කොහොමද? දුර දිග ගියේ ඇයි? යන ප්‍රශ්නවලට වහා විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය විෂයභාර අමාත්‍යවරයා ලෙස මටත් අපගේ අමාත්‍යාංශයටත් තිබෙනවා. එය ජනතාව මා හට පවරා දුන් වගකීමයි“ යැයිද කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/akilavirajk/videos/10155483558029060/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අයුතු ජනරාශිය යටතේ මහින්ද අත්අඩංගුවට ! – රංගේ බණ්ඩාරගෙන් අනාවැකියක්

colombotoday

කුකුළු මසුත් ආනයනයට සැරෙසෙයි

Admin

කෝකිලායි සිංහල පාසලේ පිපිරීමක්.. සිසුන් අටක් රෝහලේ !

colombotoday

වෙළඳසල් බිඳ ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ හතරක් මාට්ටු

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙන්න හිටපු දරුණු කොටින් 50ක් !

colombotoday

ඇමතිලාට සැප ගන්න කෝටි ගණන් වෙන්කරගනිද්දී, අරණායක අවතැන්වූවෝ තවමත් කූඩාරම්වල (Video)

colombotoday