Colombo Today Local Newsextremism & terrorism activities

කටාරය සමග ඇමති රිෂාද් ගේ සෘජු සබදතා.. සිදුකල ව්‍යාපෘති හා ඇමතිගේ ගිණුම් වහා පරීක්ෂා කරනු !!

ISIS ඉස්ලාම් ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා ඇති බවට චෝදනා එල්ලවී ඇති කටාර් රාජ්‍ය සමග අමාත්‍ය රිෂාඩ් බදුයුර්දීන් පැහැදිලි සම්බන්ධතා පවත්වා ඇති බව සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි පවසයි. අද ( 09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

ඒ නිසා වහාම අමාත්‍යවරයා සම්බන්ධයෙන් රජය පැහැදිලි පරීක්ෂණයක් සිදු කල යුතු බවද උන්වහන්සේ සදහන් කළා. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ මාගල්කන්ද්දේ සුදත්ත හිමියන්,

“දැන් කටාර් එක්ක තියන සබදතා අරාබි රටවල් නවතා දමා තිබෙනවා. සියළුම සම්බන්ධතා මෙයට ඇතුළත්. ඇයි මේ අත්හිටුවීම සිදු කලේ ? කටාර් රාජ්‍යය ISIS සංවිධානය පෝෂණය කරනවා කියන චෝදනාව මත. අන්න දැන් තමා බළලා මල්ලෙන් එළියට පැනපු අවස්ථාව.
අපි මීට කලින් අනාවරණය කළා රිෂාඩ් බදුයුර්දීන් ඇමතිවරයාට කටාර් රාජ්‍ය එක්ක සම්බන්ධතා තියන බව. ඒ ව්‍යාපෘති සම්බන්ධයෙන්.කටාර් රාජ්‍යයෙන් අමාත්‍යවරයාට ලැබුණු ගිණුම් සම්බන්ධයෙන්, ඒ මුදල් සම්බන්ධයෙන් හොයන්න කියලා අපි කිව්වා. අපි කියනවා වහාම රිෂාඩ් බදුයුර්දීන් ගැන හොයන්න. මොකද කටාර් රාජ්‍යට බරපතල චෝදනා තියනවා. වහාම නෛතික ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා අපි රජයට බල කරනවා. ”

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1463515850335104/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

6% සිහින බොදවෙයි.. “සමස්ථ අධ්‍යාපනයම විකුණන් කෑමේ ගමනක් අද යනවා“ – FUTA

colombotoday

බන්ධනාගාරයේදී ඤාණසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්?

colombotoday

ගමන්ගත් රිය ප්‍රපාතයකට පෙරළී ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි

colombotoday

මැලේරියාව තුරන්කළ රටක්, සහතිකය ලබා සතියයි.. ඉන්දියාවේ ගිහින් ආ තංගල්ලේ දෙදෙනෙකුට මැලේරියාව !

colombotoday

ඇල්පිටියේ සියලුම කොට්ඨාස පොහොට්ටුවට !

colombotoday

මාවනැල්ලේ මුල්ලා ඕමාර් කවරෙක්ද?

colombotoday