Colombo Today Local News

ඩීසල් හිඟය හමුවේ තේ කර්මාන්ත ශාලා රැසක මෙහෙයුම් නවතී

ඩීසල් හිඟය හමුවේ තේ කර්මාන්ත ශාලා රැසක මෙහෙයුම් කටයුතු මේ වනවිට නතර කර තිබේ.

වතු අධිකාරීවරුන් ප්‍රකාශ කරන්නේ, විදුලිය නොමැති අවස්ථාවල විදුලි ජනන යන්ත්‍ර මගින් කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද ඩීසල් නොමැති වීම හේතුවෙන් බලවත් ගැටලු පැන නැගී ඇති බවයි.

සාමාන්‍යයෙන් දළු අස්වැන්න කර්මාන්ත ශාලාවල ඇඹරුම් යන්ත්‍රවලට දැමූ පසු ඒවා එක්වර ඇඹරිය යුතු ය.

වරින් වර පැය ගණනාවක් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ඩීසල් නොමැති තත්ත්වයක් යටතේ ඒම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට බාධා මතුව ඇති බව තේ කර්මාන්ත ශාලා කළමනාකරුවෝ පවසති.

මේ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා සදහන් කරන්නේ, ඛනිජ තෙල් සංස්ථාව සමග සාකච්ඡා කර විශේෂ ක්‍රමවේදයක් යටතේ තේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ සඳහා සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව ද ඔහු පවසයි.

Related posts

ඥාණසාර හිමියන් අදත් අභියාචනාධිකරණයට !

colombotoday

සහෝදරියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි

colombotoday

ක්‍රිකට්වලට අතුරු පාලක කමිටුවක්

Admin

රුපියල් බිලියන 15ක සිගරට් විනාශ කරයි

Admin

සුසිල්, අනුර,එස්‌. බී, ඩිලාන් ඇතුළු යහපාලන ඇමැතිලා ගැන FCID නිහඩ ඇයි

colombotoday

හරක් කටාගේ ප්‍රධානම වෙඩික්කරුවෙකු අල්ලයි

colombotoday