Colombo Today Local News

ක්‍රිකට්වලට අතුරු පාලක කමිටුවක්

ක්‍රිකට් පාලක මණ්ඩලය අත් හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීම සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රණසිංහ මහතා කටයුතු කර තිබේ.

සාමාජිකයන් සත් දෙනෙකුගෙන් යුත් මෙම අතුරු කමිටුවේ සභාපතීත්වය අර්ජුන රණතුංග මහතා විසින් දරණ අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්දීන් යන මහත්ම මහත්මීන් අනෙකුත් සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලැබේ.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත මගින් ලබා දී ඇති බලතල යටතේ අමාත්‍යවරයා විසින් මෙම අතුරු කමිටුව පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේය.

Related posts

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට අන්තිමයි

colombotoday

“ඉන්දියානුවන්ට රක්ෂා.. අපට හුලං” එක්ටා එපා! – IT වෘත්තිකයෝ වීදි බසී

colombotoday

ඥාණසාර හිමියන් ඇතුළු පිරිස රැදී සිටි හෝටලය මියන්මාර හමුදාවෙන් වටකරයි !

colombotoday

තුවාල සහිත මළ සිරුරක් නැඳුන්ගමුව නිවසකින් හමුවෙයි

Admin

නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය වෙයි

colombotoday

මාකඳුරේ මදුෂ්ගේ මුදල් රුපියල් බිලියනයක් බැංකු ගිණුම්වල. පුද්ගලයන් 9 දෙනෙකුගේ නමට වාහනත් අරන්

colombotoday