Colombo Today Local News

“හජ්“ උත්සවයට බාධාවක්ලු.. නාඋයනේ නාහිමි ආදාහනයට නිදහස් චතුරශ්‍රයේ අවසර නෑ !

nauyane33අපවත්වී වදාළ රාමාඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජනීය නා උයනේ අරිධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සැප්තැම්බර් 12 වනදා, කොළඹ 7 නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට කල ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වනවා. මේ හේතුවෙන් ආදාහන පූජෝත්සවය එදින පස්වරුවේ ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මුස්ලිම් බැතිමතුන්ගේ “හජ්“ උත්සවය සැප්තැම්ර් 12 වනදාට යෙදී ඇති බැවින් එදින සවස්වරුවේ නිදහස් චතුරශ්‍රයේ හා කොළඹ නගරය පුරා පැවැත්වෙන ඉස්ලාම් ආගමික උත්සව වලට බාධාවක් වේ යැයි මුස්ලිම් නායකයන් කිහිප දෙනෙකු විසින් කළ ඉල්ලීමට යටත්ව රජය විසින් මෙම තීරණය ගෙන ඇති අතර, නාහිමි ආදාහන උත්සවය සදහා නිදහස් චතුරශ්‍රය කිසි සේත්ම ලබා දිය නොහැකි බවත් ඒ සදහා කොළඹ නගර සීමාවෙන් පිට ස්ථානයක් තෝරාගන්නා ලෙසත් කොළඹ නගරාධිපති මොහොමඩ් මුසම්මිල් විසින් දන්වා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට ස්වදේශකටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇති අතර, මැල්සිරිපුර – නාඋයන ආරාන්‍ය සේනාසනයේ තැන්පත් කර ඇති නාහිමි ශ්‍රී දේහය සැප්තැම්බර් 12 දහවල් නිදහස් චතුරශ්‍රයේ මද වේලාවක් තැන්පත්කර තැබීමෙන් අනතුරුව ආදාහන පූජෝත්සවය සදහා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට වැඩමවීමට නියමිතව ඇත.

rāmāñña Maha Nikaya Ven ariyadhamma most sacred cremation garden shower on September 12, Independence Square, Colombo 7 request to make is reported that the government has refused

 

Related posts

නැගෙනහිරින් ඔස්ටීන් පන්නා බෂීර් සේගු දාවුද් ආණ්ඩුකාර ධුරයට පත්කරන්න හකීම් ඩබල් ගේමක

colombotoday

ඇමති රාජිතට හෘදයාබාධයක් වැළදී රෝහලේ… සිංගප්පූරු ගෙනියන්න සූදානම්!

colombotoday

අක්කරේපත්තු ඉඩම් සිංහලයා අක්‍රමණය කරන්න කලින් මුස්ලිම් ජාතිකයන් ආක්‍රමණය කලාට කමක් නෑ – ප්‍රාදේශීය ලේකම්

colombotoday

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

Admin

එක්නැලිගොඩ බිරියගේ සිහිනය සැබෑවෙයි.. බුද්ධි නිලධාරීන් නැවතත් සිරගෙට

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය දෙන්න බෑ කියයි

colombotoday