Colombo Today Local News

නැගෙනහිරින් ඔස්ටීන් පන්නා බෂීර් සේගු දාවුද් ආණ්ඩුකාර ධුරයට පත්කරන්න හකීම් ඩබල් ගේමක

mc ct2563

නැගෙනහිර පළාත් මහඇමතිවරයා සාම්පූර් නාවික කදවුරේ අණදෙණ ‍නිලධාරීවරයාට බැණ තර්ජණය කිරීමේ සිදුවීම මුල් කරගනිමින් ඇතිවී තිබෙන තත්වය අවස්ථාවක් කරගනිමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටීන් ප්‍රනාන්දු එම තනතුරෙන් ඉවත් කර බෂීර් සේගු දාවුද් හිටපු අමාත්‍යවරයාව පත් කිරීමට මුස්ලිම් කොංග්‍රසය උත්සහායක යෙදී සිටින බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් අනාවරණය වනවා.

නැගෙනහිර වෙනම මුස්ලිම් පරිපාලන ඒකකය, 13 බලාත්මක කිරීම ඇතුළු සිය ප්‍රමුඛ ඉල්ලීම් පවතින දේශපාලන වාතාරණය තුළ නොනිල වශයෙන් හෝ ක්‍රියාත්මක කිරීම සදහා මුස්ලිම් කොංග්‍රසය ප්‍රමුඛ නැගෙනහිර මුස්ලිම් දේශපාලන ප්‍රධානීන් කටයුතු කරමින් සිටින අතර 13 සංශෝධනය පරිදි පළාත් මහඇමතිවරයාට ලැබිය යුතු බලතල සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම මහ ඇමති අහමඩ් නසීර් ආණ්ඩුකාරවරයාට බලපෑම් කර ඇත. තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මකවීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ඔහු කිහිප වරක් ආණ්ඩුකාරවරයාට දෝශාරෝපණය කර අතැයිද පැවසෙයි.

නිල ආරාධනයක් නොමැතිව සාම්පූර් විදුහලේ උත්සවයට ඇතුළු වී නාවික නිලධාරියාට බැණ වදිමින් ඇමරිකානු තානාපතිවරයා ඉදිරිපිටම ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන ආණ්ඩුකාරවරයාටද දෝශාරෝපණය කිරීම තම බලහත්කාරය පෙන්වීම සදහා මුස්ලිම් කොංග්‍රසය සහ මහඇමතිවරයා හිතාමතාම සැලසුම් කරන ලද්දක් විය හැකි බවටද දේශපාලන අංශ සැකපලකරයි. අදාල සිදුවීමට පසුවද මහඇමතිවරයා එරාවූර්හී රැස්වීමක් අමතමින් 13න් ලැබිය යුතු බලතල උපරිමයෙන් ලබා ගැනීම සදහා තමන් සටන් කරන බවද පවසා තිබිණි.

මේ අතර අදාල සිදුවීමේදී ආණ්ඩුකාර ඔස්ටීන් ප්‍රනාන්දු මහතා අනුගමනය කළ දියාරු පිළිවෙතද දේශපාලන අංශවල දෝශදර්ශනයට ලක්ව ඇත. පළාත් ප්‍රධානියා වන තමන්ට වඩා නිල ධූරාවලියේ පහළින් සිටින මහඇමතිවරයා ප්‍රසිද්ධ සභාවක තමන්ට නියෝග දෙමින් අත්තනෝමතික ලෙස හැසිරෙත්දී ඔහුව අස්වසමින් ඔහුගේ හැසිරීම අනුමත කරන ආකාරයෙන් හැසිරීම නිසා ආණ්ඩුකාර ධුරයේ ගෞරවය බාල්දු කළ බවටද චෝදනා එල්ල වෙයි. ඔස්ටීන් ප්‍රනාන්දු මහතා 2002-2004 එජාප ආණ්ඩුවේ සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම්වරයාව කටයුතු කරත්දී කොටි සංවිධානය සම්බන්ධයෙන් අනුගමනය කළ නිවට ප්‍රතිපත්තිය හේතුවෙන් ඔහු දැඩි අප්‍රසාදයට ලක්වී තිබේ.

අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන ඔහුව ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්කර තමන්ගේ කෙනෙක් එම තනතුරට පත්කර ගැනීම සදහා මුස්ලිම් කොංග්‍රසය ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට සූදානම්වන අතර ජනපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු ඒ පිළිබදව ඉල්ලීම් ඉදිරිපත්කරනු ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටී.

මෙලෙස ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමට ක්‍රියාත්මක වෙමින් සිටින අතරේදී මුස්ලිම් කොංග්‍රස් නායක රවූෆ් හකීම් තම පක්ෂ සාමාජික නැගෙනහිර මහ ඇමතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් ද්විත්ව රංගනයක යෙදී සිටී. හමුදා නිලධාරියෙකුට අපහාස කිරීම නිසා දේශපාලන ක්ෂේත්‍රයෙන්ද තම පක්ෂය වෙත එල්ලවෙමින් පවතින අප්‍රසාදය හා එල්ලවියහැකි විරෝධය සමබර කිරීම සදහා ඔහු මෙලෙස ඩබල් ගේමක නිරත වී සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ.

පළාත් සභා ක්‍රමය ඇති කිරීමෙන් පසුව මේ වනතුරු උතුරු හා නැගෙනහිර පළාත්වලට සිංහල නොවන ආණ්ඩුකාරවරයෙකු පත්කර නොමැති අතර, බෙදුම්වාදීන්ගේ සහ ආගමික අන්තවාදීන්ගේ රජදහනක්ව තිබෙන නැගෙනහිර පළාතට යම් හෙයකින් මුස්ලිම් ආණ්ඩුකාරවරයෙක් පත්කළහොත් එය පනින රිලවුන්ට ඉනිමං බැදීමක් හා සමානවනු ඇති බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ.

 

Related posts

ආගම කතෝලිකනම්, කුලය දුරාව නම් එයා කොලිටි… අධිකරණයේ උසස්වීම් දෙන්න රන්ජන් ආගම, කුලය සැලකූ හැටි !

colombotoday

උතුරේ දේශපාලන පෙරළියක්.. ටී.එන්.ඒ. දෙදරයි.. පක්ෂ කිහිපයක් ඉවත් වී නව සන්ධානයක් හදයි !!

colombotoday

විහිළු කතා නවතා දකුණේ උණ රෝගයට විසදුමක් දෙන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලයි

colombotoday

ආශුගේ පෙම්වතිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Admin

රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙක් අතුරුදන්

colombotoday

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා අත්අඩංගුවට

colombotoday