Colombo Today Local News

ආශුගේ පෙම්වතිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

මහාචාර්ය ආශු මාරසිංහගේ පෙම්වතිය බව පැවසෙන කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය රහස් පොලිසීය විසින් තමන් අත්අඩංගුවට ගනු ලැබුව හොත් ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කළ පුද්ගලික ඇප ඉල්ලීමට ඇප නියම කිරීම සුදුසු නොවේ යැයි තීරණය කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විමර්ශනයට අදාළව නගා ඇති චෝදනාවන් ඇප ලබාදිය හැකි වැරදි බවට පෙනී යන බවත්, මේ වන විට මෙම සිද්ධියේ විමර්ණය මුල් අවස්ථාවේ නොව අවසන් වීමට නියමිතව ඇති බවත් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා ඒ හේතුවෙන් මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලබන බවට ප්‍රකාශ කර ඇත.

මෙම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සදහා අධිකරණයෙන් නිකුත් කළ සිතාසියක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් පෙනී සිටි අතර, අගතියට පත් පාර්ශ්වය වන මහාචාර්ය ආශු මාරසිංහ මහතා වෙනුවෙන් නිතීඥ චමින්ද අතුකෝරාල මහතා සමග නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

Related posts

බෝට්ටුවකින් ඇවිත් අපිව මරා දැමීමේ තැතක් හෙළිවුණා.. කොන්ත්‍රාත්තුව දුන් කෙනා හොයන්න බෑ

colombotoday

දකුණේ පාසල් 6ක් හෙට විවෘත වෙන්නේ නෑ

colombotoday

STF අත්අඩංගුවට ගත් විෂ යෙදු කසළ තේ, ජාවාරම් කරුටම දීලා. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගෙන් කැකිල්ලේ තීන්දුවක්

colombotoday

පොලිස් වැටුප 40%කින් ඉහළට !!

colombotoday

අභියාචනයක් ඉදිරිපත් කළත් පේ‍්‍රමලාල්ට පාර්ලිමේන්තු එන්න බැහැ

colombotoday

අමිත් වීරසිංහට / ඩෑන් ප්‍රියසාද්ට පොහොට්ටුවෙන් නාමයෝජනා ?

colombotoday