Colombo Today Local News

වගාහානි වන්දි නැතිව ගොවීන් වේලේ.. මහ ඇමතිලා සහ පිරිවරට රු 30,000 ක තෑගි පාර්සලයක්

ලබන මස 06 වැනි දින හබරණ තරු හෝටලයක පැවැත්වීමට නියමිත ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුව සදහා පැමිණෙන මහ ඇමතිවරුන් 08 දෙනා ඇතුලූ අනෙකුත් නිලධාරින් සදහා තැගි දිමට එක් තැගි පාර්සලයකට රුපියල් 30,000 වැය කර තිබේ. එවැනි පාර්සල් 50 ක් මේවන විට සුදානම් කර ඇත. මී පැණි බෝතලයක්, එළඟි තෙල් බෝතලයක් එකක් අත් යන්ත්‍ර සරම් එකක් අත් යන්ත්‍ර සාරියක් දේශිය සහල් වර්ග කිහිපයක්ද මෙම තැගි පාර්සලයට ඇතුළත්ව තිබේ.

දිවයිනේ සිටින මහ ඇමතිවරු පිරිස අට දෙනෙකි. එසේ වුවද තැගි පාර්සල් 50 ක් මේවන විට සුදානම් කොට තිබේ. කාන්තා මහ ඇමතිවරියන් නොසිටියද මෙම තැගි පාර්සලයට සාරියක්ද ඇතුළත් කර තිබේ.

උතුරු මැද පළාතේ ගොවි ජනතාවගේ වි වගාවන් ඇතුලූ භෝග කන්න දෙකක් විනාශවි තිබේ. වගා හානි සදහා මාසිකව රුපියල් 10,000 ක් දෙන බවට රජය පොරොන්දු වුවද ගොවින් බොහෝ පිරිසකට එම මුදල් මෙතෙක් ලැබි නොමැති බව ගොවිහු පවසති.

උතුරු මැද පළාතේ ගොවි ජනතාව ඇතුලූ බොහෝ දෙනා මෙවර අවුරුදු සැමරුවේ මහත් අසිරුවෙන් සොයාගත් සොච්චම් මුදලකිනි. එසේ තිබියදි උතුරු මැද පළාත් සභාව මෙම උත්සව දෙක සදහා රුපියල් ලක්ෂ 150 ක් වැය කිරිම ජාතික අපරාධයක් බව පළාත් සභාවේ උසස් නිලධාරිහු පවසති.

Related posts

පොහොට්ටුවේ මහ සමුළුව එන මාසයේ… මහින්ද නිල වශයෙන් නායකත්වයට පත් කරයි…

colombotoday

අවුරුද්දක් අඩු නොකලානම් අදත් ජනපති මමයි… 19ට මම විරුද්ධයි – මෛත්‍රී පශ්චාත්තාප වෙයි

colombotoday

විදුලි කප්පාදුව පැය 03කට දීර්ඝ වෙයි

colombotoday

විමල් අත්අඩංගුට ගෙන ඇපමත මුදාහරී

colombotoday

මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවකයින් වර්ජනයක

colombotoday

දෛනික PCR ධාරිතාව ඉහළ දැමීමට තීරණයක්

colombotoday