Colombo Today Local News

උදයංග වීරතුංග ඩුබායි බන්ධනාගාරයේ… මෙරටට ගෙන්වාගැනීමටනම් කරන්න ඕන දේ නීතිපති කියයි

මිග්යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැකකරුවකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා එක්‌සත් එමීර් රාජ්‍යයේ බන්ධනාගාරගත කර සිටින්නකු බැවින් ඔහුගේ කැමැත්ත පරිදි ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක්‌ නැතැයි නීතිපතිවරයා ඊයේ (29දා) කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඔහු මෙරටට පැමිණීමට කැමැත්තක් ඇත්නම් ඒ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් අධිකරණයට සඳහන් කර අවසර ලබා ගන්නා ලෙසද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

රුසියා‍වේ හිටපු තානාපති උදයංග වීරතුංග අධිකරණය හමු‍වේ පෙනී සිටීමට සූදානමින් සිටින බව මිග් යානා ගනුදෙනුවේදී සිදුව ඇති වංචාවට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.

එම අවස්ථාවේ නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයට කරුණු දැක්වූ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා මේ බව සඳහන් කර තිබේ.

Related posts

ඔමික්‍රෝන් හඳුනා ගැනීමේ ජාන විශ්ලේෂණ කටයුතු ඇරඹේ

colombotoday

අද රාත්‍රී 8 සිට සදුදා උදේ 5 තෙක් මුළු දිවයිනටම ඇඳිරිනීතිය

colombotoday

රනිල්, බැසිල්, මලික්, විමල් අශුද්ධ හවුලක් ගැන ජනිපෙ හිටපු නායකයෙක්ගෙන් හෙළිදරව්වක් !!

colombotoday

කාබනික හා ජෛව පොහොර ආනයනය මෙරටට එල්ලවන ජෛව විද්‍යාත්මක ප්‍රහාරයක්. – ජාතික ගොවිජන එකමුතුව

colombotoday

උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය නවලෝක රෝහලට

colombotoday

නන්දලාල්ගෙන් අනතුරු ඇගවීමක්

Admin