Colombo Today Local News

පාර්ලිමේන්තුවේ පිරිත නවත්වන්න. පිරිතක් තියලා පෝලිම් ප්‍රශ්නයට විසඳුම් දෙන්න පුලුවන්ද?

විශාල මුදලක් වැය කර පාර්ලිමේන්තුවේ පිරිත් පින්කමක් ළඟදීම පැවැත්වීමට කටයුතු සංවිධානය කරගෙන යන බවත් පිරිතක් පවත්වා මේ රටේ පෝලිම් ප්‍රශ්නයට විසඳුම් දිය හැකි දැයි තමා ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (24)දින පැවසීය.

රටේ ජනතාව දින තුන්සිය හැට පහේම පාර්ලිමේන්තුවට දෙස් තියන වෙලාවක මෙලෙස මුදල් නාස්ති කිරීම ශාපයක් වනු ඇති බවද ඔහු කීවේය.

විජේසිරි මහතා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

රටේ ආර්ථික තත්වය ගැන සිතා එම පින්කම වහා නතර කරන්නැයි මන්ත්‍රීවරයා මෙහිදී මුලසුනෙන් ඉල්ලා සිටියේය.

මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ එම කාරණය පිළිබඳව කතානායකවරයාගේ අවධානයට යොමු කරන බවයි.

Related posts

ලංකාවේ අධිකරණය විශ්වාස නෑ.. යුධ අපරාධ පරීක්ෂණයට ජාත්‍යන්තර විනිසුරන් ඕනමයි – ඇමරිකා යාලුවා

colombotoday

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin

සිවුවෙනි මාත්‍රාවත් ලබා දීමට රජයේ අවධානය

colombotoday

කොරෝනා මර්දනයට ජනපති නියමයෙන් තීරණ රැසක්

colombotoday

මහින්ද කහඳගම රිමාන්ඩ්

colombotoday

මුළු ලෝකෙටම අපේ හෙළුව පෙන්නුවා…

colombotoday