Colombo Today Local News

රට කරවන්නෙ කොන්ද පණ නැති රැළක්.. රණවිරුවන් යුධ අධිකරණයටනම් ජනතාව පාරට බැසිය යුතුයි

එක්සත් ජාතීන්ගේ යෝජනා වලට අනුව හයිබ්‍රිඩ් අධිකරණයක් මෙරට ඇති කල හොත් එහි පෙනී සිටීමට තමා සූදානම් නැති බව සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු ප‍්‍රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා. ඊයේ (31) ශ්‍රි ලංකා පොදු ජන පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රි ලංකා යුධ හමුදාව යුධ අපරාධ සිදු කල බවට එල්.ටි.ටි.ඊ හිතවාදින් විසින් එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එහි කිසිදු සත්‍ය තාවයක් නොමැති බවට තමා ජිනීවා වලදී බොහෝම පැහැදිලිව කරුණු දැක්වූ බවත් ඒ බව දැක්වෙන වාර්තාවන් තමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කල බවද ඔහු සදහන් කර සිටියහ.

මේ වන විටත් අපේ හමුදාව විසින් ද්‍රවිඩ තරුණියන් හමුදා කදවුරුවල ලිංගික වෘත්තියේ යොදවන බවට එල්.ටි.ටි.ඊ හිතවාදීන් එල්ල කරන චෝදනාවත් ප්‍රතික්ෂේප කිරීමටවත් මෙරට ජනාධිපතිට, අගමැතිට, විදේශ ඇමතිට හෝ රජයේ වගකිව යුතු බළධාරියෙකුට කොන්දක් නොමැති බවටද ඔහු චෝදනා කළා. එවන් තත්වයක් තුළදී තමන් රාජ්‍ය නොවන සංවිධානයක් හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත සහභාගිවී මෙරට යුධ විරුවන් යුධ අපරාධ සිදු නොකල බවට ප්‍රකාශ කල බවත් එහිදී තමන්ට දෙමළ ඩයස්පෝරාවෙන් එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ඔහු එහිදී දීර්ඝ ලෙස කරුණු දැක්වීය.

වැට් වලට එරෙහිව ,සයිටම් වලට එරෙහිව පාරට බහින ජනතාවක් සිටින රටක් රණවිරුවන්ට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්, හිරිහැර සම්බන්ධයෙන් නිහඩව සිටීම මහා අවාසනාවක් බවයි ඔහු පෙන්වා දුන්නේ. දෙමළ ඩයස්පෝරාවේ ඕනෑ එපාකම් මත බලයට පත්වූ මේ යහපාලන ආණ්ඩුවට මෙරට රණවිරුවන් සම්බන්ධයෙන් කිසිම තැකීමක් නොමැති බවත්, රටේ ජනතාව මේ සදහා වහාම මැදිහත් වීමේ අවශ්‍යතාවයද ඔහු පෙන්වා දුන්නා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් වීරසේකර මහතා,

“අපි ජිනීවා නුවරට ගියේ දේශප්‍රේමි ජනතාව නියෝජනය කරමින්. ක්‍රමානුකූලව දෙමළ ඩයස්පෝරාව විසින් මොකද කලේ අපේ රටට එරෙහි බොරු චෝදනා හදලා අපි යුධ අපරාධ කල බවට අසත්‍ය තොරතුරු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලබා දුන්නා. ඒ වාර්තාවේ මොණවාද දැන් තිබුණේ ? අපි යුධ අපරාධ කලා, ස්ත්‍රි දුෂණ කලා, ළමා අපරාධ කලා කියලා. ඒවගේම රෝහල් වලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කලා. දෙමළ ජනතාවට දෙන්න තියපු සහනාධාර අපි නැති කලා. මෙන්න මේ කරුණු වලින් යුක්ත වාර්තාව එයාලා භාර දුන්නා .මෙන්න මේ වාර්තාව තමා මංගල සමරවීර ඇමතිවරයා පිළිඅරගෙන තියෙන්නේ. ඒ ප්‍රඥප්තියට සම අනුග්‍රහය දැක් වූවා. ඒ ගැන තමා අද මේ ජිනීවා වලදී කතා කරන්නේ. අපේ රටට බරපතල ලෙස චෝදනා කල මේ වාර්තාව පිළිගෙන ඊට සම අනුග්‍රහය දැක්වූ වාට පස්සේ මොන රටද කියන්නේ අපි යුධ අපරාධ කලේ නෑ කියලා. අන්න ඒ නිසා හැමෝම මේ වාර්තාව පිළිගත්තා. පාක්‍යසෝති සරවනමුත්තු ,නිමල්කා ප්‍රනාන්දු කියන අය එහිදි මොනවාද කලේ ? අපේ රටට එරෙහිව බරපතල ලෙස චෝදනා කළා. ඒ අය සේරම එල්.ටි.ටි.ඊ හිතවාදි ,දෙමළ බෙදුම්වාදි ඊලම සාර්ථක කර ගන්න අපේ හමුදාව යුධ අපරාධ කලාය කියලා චෝදනා කළා.

ඉතාම වැරදි තොරතුරු ඉතාම සාවද්‍ය තොරතුරු මේ අය මේ සභාවට දැන්වූවා. අපේ නිජබිම අපිට ලබා දෙන්න කියලා මේ එල්.ටි.ටි.ඊ හිතවාදීන් මෙහිදි කියා සිටියා. එක්ලක්ෂ හතළිස්දාහක් ඉතාම කෲර ලෙස ඝාතනය කලා කියලා කිව්වා. දෙමළ ජනතාව සමූහ ලෙස ඝාතනය කිරීම තවම සිදුවෙනවා කිව්වා. පුනරුත්ථාපන කදවුරුවල ඉතාම දරුණු ලෙස වධ හිංසා දෙනවා කිව්වා. දෙමළ ජනතාව ඉතාම භිතියෙන් කිව්වා ඉන්නේ. තාමත් සුදු වෑන් වලින් මිනිස්සු ගෙනියනවා. මානව හිමිකම් කොමිසම ඉතාම අසාර්ථක වෙලා තියනවා කිව්වා මේ ගැන හොයන්න. මේ රටේ දෙමළ ජනතාවට වධ හිංසා තවමත් පමුණුවන බව කිව්වා. වැදගත්ම දේ තමා ද්‍රවිඩ තරුණ කාන්තාවන් අපේ හමුදා කදවුරුවල ගණිකා වෘත්තියේ යොදවන බවට ඉතාම අසත්‍ය ප්‍රචාර මේ අය විසින් වාර්තා හදලා ජිනීවා කොමිසම වෙත භාරදීලා තිබුණා.

නිමල්කා ප්‍රනාන්දු මොකද කියන්නේ ? මමත් වධ හිංසාවට පත් වෙච්ච කෙනෙක් කිව්වා.ඉතාම පහත් විදියට සුනන්ද දේශප්‍රියලා අපේ රටට අපේ හමුදාවට එරෙහිව චෝදනා කලා මහා බරපතල විදියට. ඒ අය ද්‍රෝහින්. මේ අයගේ මේ දේශද්‍රෝහි ක්‍රියා ගැන මෙරට ජනතාව දැන ගත යුතුයි. දෙමළ ඊලාම් ජනතාවට සහයෝගය දැක්විය යුතුයි මේ අය පුන පුනා කිව්වේ ඒක.

මේ අභූත චෝදනා වලට පිළිතුරු ලබා දෙමින් තමා අපි වාර්තාවක් හැදුවේ. විද්වතුන් රැසකගේ උපදෙස් මත තමා අපි මේක හැදුවේ. මේ අය දැන් අපිට එල්ල කරන එක චෝදනාවක් තියනවා, අපි දෙමළ ජනතාවට ආධාර දෙන එක ඕනෑ කමින් නතර කලා කියන එක. නමුත් අපි සකස් කල වාර්තාවේ ඇතුළත් අපි ගෝඨාබය රාජපක්ෂගේ සභාපති කමෙන් ටොන් ගාණින් දෙමළ ජනතාවට ලබාදීපු සහනාධාර ගැන විදේශ රටවල තානපතිවරු ප්‍රශංසා කල ආකාරය ගැන මෙහි දීර්ඝ ලෙස කරුණු දැක්වෙනවා. අපි වාර්තා දෙකක් සකස් කළා. මේ වාර්තා හැදුවේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලයේදී. නමුත් එළිදැක්වුණේ මේ රජයෙන්. නමුත් මේ වාර්තා භාර දෙන්න මේ රජය කටයුතු කලේ නෑ. අපි ඊලග පාර මීට වඩා සංවිධානාත්මක වෙලා කරුණු දක්වන්න සූදානම් .”

Related posts

මෛත්‍රීත් මහමැතිවරණයට… පොහොට්ටුව සමග සන්ධානගතවීම ගැන මත ගැටුමක් !

colombotoday

පියා මරා මවට තුවාල කළ ගල්කිස්සේ අජාසත්ත පුත්‍රයා

colombotoday

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරෙකු අත්අඩංගුවට

colombotoday

බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදුර්දීන්ට ජංගම දුරකථනය දුන් ජේලර් මාට්ටු.

colombotoday

ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණයක්

colombotoday

Covid 19ට එරෙහි සටනේදී ‘චීනය තම සැබෑ මිතුරන්’ හඳුනා ගත්තා – ශ්‍රී ලංකාවේ චීන තානාපති

colombotoday