Covid 19

නිවුන් දරු ප‍්‍රසූත කළ මවක් කොවිඩ් මාරයා ගෙන යයි

යාපනය ශික්ෂණ රෝහලේදී නිවුන් දරුවන් ප‍්‍රසූත කොට මියගිය මවට කොරෝනා රෝගය වැළ`දී ඇති බවට තහවුරු වීමෙන් පසු ඇයගේ මෘත දේහය යාපනය පොම්මාවේලී ආදාහනාගාරයේදී ඊයේ (12)දි ආදාහනය කිරීමට යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ.

යාපනයේ ඉනුවිල් ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අජන්තාන් ඉනියා නමැති කාන්තාව දරු ප‍්‍රසූතිය ස`දහා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇයගේ රෝගී ලක්ෂණ වැඩිවීම නිසා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරු කොට තිබේ.

එහිදී ඇය නිවුන් දරුවන් ප‍්‍රසූත කිරීමෙන් පසුව ඇයට හුස්ම ගැනීමේ අපහසුවක් නිසා යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු විසින් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇයට කොරෝනා රෝගය වැළ`දී ඇති බව තහවුරු වූ අතර දින දෙකකට පසුව ඇය මියගොස් තිබේ.

ඇය බිහිකළ දරුවන් දෙදෙනා මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන අතර බිළි`දුන් දෙදෙනාට කොරෝනා රෝගය වැළදී ඇත්දැයි යන්න පිළිබද යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Related posts

කිලිනොච්චියෙනුත් කොවිඩ් ආසාදිතයෙක් හමුවෙයි

colombotoday

මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

colombotoday

තවත් එන්නත් ලක්ෂ 16ක් ලංකාවට නොමිලේ

colombotoday

තවත් කොරෝනා මරණ 27 ක්

colombotoday

කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු 14කට කොවිඩ්

colombotoday

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7ක් ඇතුළු 24කට කොවිඩ්

colombotoday