Covid 19World

මියන්මාරයෙන් පළමු රෝගීන් දෙදෙනා වාර්තා වෙයි

මිලියන 50 කට වඩා වැඩි ජනගහනයක් සහිතව මේ දක්වා කොවිඩ් 19 රෝගීන් වාර්තා නොවූ මියන්මරයෙන් පළමු රොගීන් දෙදෙනා වාර්තා වී තිබේ.

මෑතකදී එක්සත් ජනපදයට සහ එක්සත් රාජධානියට සංචාරය කළ මියන්මාර ජාතිකයන් දෙදෙනෙක් මෙසේ කොවිඩ් 19 පරීක්ෂණයෙන් ධනාත්මක වී තිබේ.

මියන්මාරය පසුගිය සතියේ තම දේශ සීමා වසා දැමූ අතර එළඹෙන බෞද්ධ අලුත් අවුරුද්ද ඇතුළු මහජන රැස්වීම් තහනම් කළේය.

රජයේ ප්‍රකාශක සැව් හ්ටේ මේ මස මුලදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ “මියන්මාර පුරවැසියන්ගේ ජීවන රටාව සහ ආහාර රටාව” වෛරසයෙන් රට ආරක්ෂා කර ඇති බවයි.

Related posts

පැනමාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

බොකෝ හරාම් නායක අබුබකර් ෂෙකෝ සියදිවි නසාගෙන.

colombotoday

ඇෆ්ගනිස්ථානයේ කාර් බෝම්බ ප්‍රහාරයකින් 30ක් මරුට

colombotoday

තවත් කොවිඩ් මරණ 10ක්

colombotoday

ඕමානයේ සහ මාලදිවයිනේ සිට පැමිණි සිව් දෙනෙකුට කොරෝනා

colombotoday

වැලිකඩ නියාමකවරයෙකු ඇතුළු 7කට කොරෝනා අසාදනය වෙයි

colombotoday