Covid 19

තවත් එන්නත් ලක්ෂ 16ක් ලංකාවට නොමිලේ

ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලක්ෂ 16ක් මේ මස අවසානයේ ශ්‍රී ලංකාවට ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ මෙම ඇස්ට්‍රා සෙනෙකා එන්නත් ලබාදීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට ලෝක සෞඑන්නත් ලක්ෂ 16ක් ලංකාවට නොමිලේඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් එන්නත් ලබාදීමට නියමිතව ඇත. පළමු අදියර යටතේ ලැබෙන එන්නත් ලක්ෂ 16ට පසු සෙසු එන්නත් වසරක් ඇතුළත ලබාදීමට කොවැක්ස් ආයතනය එකඟත්වය පළකර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ දකුණු සහ අග්නිදිග ආසියානු රටවල විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි.

මීට අමතරව චීනයෙන් එන්නත් ලක්ෂ තුනක්ද ලැබීමට නියමිතය. ඉන්දියාවෙන් නොමිලේ ලබාදුන් ඇස්කා සෙනිකා එන්නත් ලක්ෂ පහ මේ වනවිට සෞඛ්‍ය සේවකයන්ට සහ පොලිස් හා හමුදා සාමාජිකයන්ට ලබාදීම සිදුකරයි.

Related posts

කෝවිඩ් මරණ වර්ග දෙකක්

colombotoday

වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස් !

colombotoday

මෙරට පළමු කොවිඩ් හෙද මරණය වාර්තා වෙයි

colombotoday

පෝලන්ත ජනපතිටත් කොරෝනා

colombotoday

බේරුවල පොලිස් ස්ථානාධිපතිට කොවිඩ්

colombotoday

කොරෝනා නිසා මුලු කුවේටයටම ඇඳිරිනීතිය

colombotoday