Colombo Today Local News

අණ නොතකා ගිය ටිපර් රථයකට වෙඩි

යාපනයේ වඩමරච්චි නැගෙනහිර කුඩත්තනෙයි ප්‍රදේශයේදී නාවික හමුදාවේ අණ නොතකා ධාවනය කළ වැලි ටිපර් රථයකට නාවික හමුදාව අද (30)උදෑසන වෙඩි තබා තිබේ.

නාවික හමුදා වෙඩි තැබීමෙන් පසුව ටිපර් රථය නතර කළ නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් ටිපර් රථය අතහැර කැළයට පලාගොස් තිබෙන අතර නාවික හමුදා භට පිරිසක් මේ මාර්ගයේ සෝදිසි මෙහෙයුමක නිරතව සිටියදී කැළෑබද ප්‍රදේශයක සිට වැලි පටවාගෙන පැමිණි ටිපර් රථයක් දැක එය නතර කිරීමට සංඥා කළ අවස්ථාවේදි එය නොනවත්වා ධාවනය කරවීමට රියදුරා උත්සහ කළ නිසා නාවික හමුදා නිලදාරීන් ඊට වෙඩි තබා ඇත.

ටිපර් රථයට ඉදිරියෙන් ඔත්තු බලමින් ගමන් කළ බවට සැකකෙරෙන යතුරු පැදියක්ද සොයා ගෙන ඇති අතර නාවික හමුදාවේ වෙඩි තැබීම්වලින් කිසිවෙකු හෝ තුවාල ලබා නොමැති බවයි වාර්තා වන්නේ.

Related posts

යුද හමුදා ගිලන් රථයකින් මුවමස් ඇදලා

Admin

කුරාන 15000 ක් සඟවා තිබී හසුවූ අමල් ජාත්‍යන්තර පාසලේ අන්තවාදී පැටිකිරිය. | කාන්තා පාසලෙන් 30 දෙනෙක් ISIS සටන් බිමට.

colombotoday

ඉන්දීය ණය ගෙවන්න වසර 12ක් ලැබෙයි

Admin

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ලංකාවට චෝදනා

colombotoday

එජාප – ශ්‍රීලනිප හවුල ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි – එස්.බී

colombotoday

පරිප්පු-ටින් මාලු මත පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

colombotoday