Colombo Today Local News

විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකසන්න කමිටුවක්

විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, එම කමිටුව සඳහා සෑම විශ්වවිද්‍යාලයකින්ම නියෝජිතයෙකු පත් කර ඇති බවය.

කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද ඇතුළත්ව එම කමිටුව සඳහා නම් කර ඇති නියෝජිතයින් සංඛ්‍යාව 16 කි.

කමිටු සාමාජිකයින් මේ වනවිට විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් සකස් කිරීමෙහි නිරතව සිටී.

විශ්වවිද්‍යාල පසුගිය 28 වැනි දා නැවත ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද එය සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ, කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීම හේතුවෙනි.

Related posts

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවාදීමේ චෝදනාව ජාත්‍යන්තර මාධ්‍ය අවුලයි.. ඉන්දියාව කැලඹෙයි

colombotoday

යතුරුපැදියේ අධික වේගයෙන් ගිය පාසල් සිසුන් දෙදෙනෙක් මරු දකී

Admin

උප පොලිස් පරික්ෂකට වැව් රක්ෂිතයේ අක්කර 12ක් බිලි

colombotoday

ඕකනම් මූත්‍රා බොක්ක වෙන්න බෑ! කොළඹ වතුර ටැංකිය වෙන්න ඕන! – හිටපු ජනපති කියන අමුතු කතාව

colombotoday

අරගලයේ සංවිධායකවරයෙකුගේ ජංගම ගණිකා නිවාසයක් වටලයි

Admin

දකුණට සෙනෙහස පෙන්වන්න මේ හොදම වෙලාවයි.. ආණ්ඩුකාර කුරේ උතුරේ ජනතාවට කියයි

colombotoday