Colombo Today Local News

චන්ද්‍රිකා කිව් බොරුවක් අතේ පත්තුවෙයි.. චීනයෙන් දැඩි ප්‍රකාශයක් !!

නොරොච්චෝල ව්‍යාපෘතියෙන් මහින්ද රාජපක්‍ෂ මහතා රුපියල් බිලියන 15ක කොමිස් මුදලක් ගත් බව චීන තානාපති තමන් හා කියූ බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කළ ප්‍රකාශයෙහි සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු කියා සිටියේ හිටපු ජනාධිපතිනිය එවන් ප්‍රකාශයක් කර ඇත්තේ කිසිදු තොරතුරක් හෝ මූලාශ්‍රයක් පදනම් කරගෙන නොවන බවයි.

කතා බහක් ඇතිවීමට චීන තානාපතිවරයා හා හිටපු ජනාධිපතිනිය අතර කිසිදු හමුවක් සිදු නොවුණු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවද කොතරම් හොරකම් කළද එය රාජපක්‍ෂ ආණ්ඩුවේ හොරකම්වලින් දාහෙන් එකක්වත් නැති බවත්, ශිරන්ති රාජපක්‍ෂ හිටපු ජනාපති ආර්යාවද හොරකම් කර අසු වී තිබුණත් අත්අඩංගුවට ගන්න එපා යයි කියා සිටි බවත්, නාමල් රාජපක්‍ෂ නමටම ඇති ඩොලර් මිලියන දහසක ඩුබායි බැංකු ගිණුමක් සොයාගත් බවත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විසින් පවසා තිබුණි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙම චෝදනා නඟා තිබුණේ පසුගියදා අත්තනගල්ලේදී පැවති ශ‍්‍රීලනිප රැස්වීමකදීය.

Related posts

ෆොන්සේකාට පක්ෂව සහ විපක්ෂව විරෝධතා.. කිරිබත්ගොඩින් නුවර පාර අවහිර වෙයි

colombotoday

බොදු බල සේනාවට සයිබර් ත්‍රස්ත ප්‍රහාරයක් !

colombotoday

වැලිකඩ බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවෙක් යලි අත්අඩංගුවේ..

colombotoday

අධිකරණයට අපහස කලැයි සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday

ආගමන විගමන රාජකාරි සීමා වෙයි

colombotoday

හෙට ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ගැන අමෙරිකානු තානාපතිනියගෙන් විශේෂ පණිවිඩයක්

colombotoday