Colombo Today Local News

උතුරේ පැරණි ගොඩනැගිලි හා කෝවිල් සංරක්ෂණයට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් !!

උතුරු පළාතේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ,පුනරුත්ථාපන,නැවත පදිංචි කිරීම හා හින්දු කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව යාපනය කොටුවේ ඇති පල්ලිය, රැජිනගේ නිවස,ඩෙල්ෆ් දූපතෙහි ඇති ඉපැරණි ආරෝග්‍ය ශාලාව, නගුලේස්වරම් මඩම හා මාවිඩ්ඩපුරම් කන්දසාමි කෝවිල සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ වශයෙන් සංවර්ධනය කරන බව අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා පවසයි.

තිස්වසරක යුධමය වාතාවරණයෙන් පසුව සැබෑ සංවර්ධනයක් උතුරුකරය සදහා ඇති කිරීම සඳහා වත්මන් රජය කටයුතු යොදා ඇතිබව අනාවරනය කරන අමාත්‍යවරයා මේ වසරේ (2017) ජාතික සංහිදියාව මෙන්ම උතුරුකරයේ ඇති සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සහ පුරාවිද්‍යාත්මක සිද්ධස්ථාන සංරක්ෂණය කිරීමට විශේෂ පියවර ගෙන ඇතැයිද කියයි.

උතුරු පළාතේ පවතින ජාතික වටිනාකමකින් යුත් ඉපැරණි ස්ථාන සංරක්ෂණය කොට එම ස්ථාන සංචාරකයින් හට නැරඹීමට අවස්ථාව සැලසීමට මෙන් උතුරට ආවේණික උත්සව අවස්ථා සහ සංස්කෘතික අංග සමාජගත කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන බව පවසන අමාත්‍යවරයා ඉදිරියේදී සංචාරක ආකර්ෂණය උතුරු කරයට වැඩි වශයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද කීයයි.

 

Related posts

ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා පුදබිම ආශ්‍රිත අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් රජය වහාම මැදිහත්විය යුතුයි – මල්වතු පාර්ශ්වය

colombotoday

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද අරඹයි

Admin

යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ ඉවත් කෙරේ!

colombotoday

නාරාහේන්පිට රෝහලට අත් බෝම්බයක් ගෙන ආ පුද්ගලයා අල්ලයි

colombotoday

උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ණය යෝජනා ක්‍රමයක්

Admin

සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday