Colombo Today Local News

විල්පත්තු සංහාරයට සුදුහුණු ගාන්න බදුර්දීන් භික්ෂූන් මිළදී ගනී.. එක් අයෙකුට තිස්දාහයි !!

විල්පත්තු ජාතික උද්‍යානය හෝ ඒ ආශ්‍රිතව කිසිදු වන විනාශයක් සිදුවී නොමැති බවත්, දකුණේ ජාතිවාදී කොටස් බොරු ප්‍රචාර ගෙනයන බවත්, වව්නියාවේ විහාරස්ථාන කිහිපයක භික්ෂූන් වහන්සේලා එහි සංචාරයකින් අනතුරුව පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි. අමාත්‍ය රිෂාද් බදුර්දීන් විසින් සංවිධානය කර තිබූ මෙම මාධ්‍ය සංදර්ශනයට සහභාගී වීම වෙනුවෙන් එම භික්ෂූන් වහන්සේලාට රුපියල් තිස්දහ බැගින් ලබා දී ඇති බව Colombotoday වෙත අනාවරණය වනවා.

බදුර්දීන්ගේ අන්ත ජාතිවාදී ක්‍රියාකළාපය සාධාරණීකරණය කිරීම සදහා විවිධ වරදාන, වරප්‍රසාද ලබා දෙමින් භික්ෂූන් කිහිප දෙනෙකු බිළිබා ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබෙන බවට පසුගිය අප්‍රේල් මාසයේදී අප හෙළිදරව් කර තිබුණා.

ඒ අනුව බදුර්දීන්ට සුදුහුණු ගාන ව්‍යාපෘතියට භික්ෂූන් සම්බන්ධීකරණය කර ඇත්තේ ඇමතිවරයාගේ අතිජාත මිතුරෙකු වන උතුරු නැගෙනහිර පළාතේ සංඝනායක පදවියක් දරණ වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමාධිපති හිමියන්ය. එම හිමිනමගේ පෞද්ගලික ඕනෑ එපාකම් හොයාබලා නොපිරිහෙලා ඉටුකරන්නේද බදුර්දීන් ඇමතිවරයා බව වව්නියාව අවට භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙකු දනිති.

විල්පත්තු සංදර්ශනයෙන් නොනැවතී පෙරේදා (30) වැනිදාද බදුර්දීන්ට රෙදි ඇන්දවී සදහා වව්නියාව බෝධිදක්ෂිණාරාමයේදී මාධ්‍ය හමුවක් කැදවා තිබිණි.

එහිදී අදහස් දැක් වූ පරණ හල්මිල්ලෑව විහාරාධිපති, පූජ්‍ය මොරගොඩ ධම්මානන්ද හිමි පැවසූවේ රිෂාඩ් බදූර්දීන් මහතා උතුරු පළාතේ සිංහල , දෙමළ සහ මුස්ලිම් සියලු ජාතීන් වෙත සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කරන බවත්, ප‍්‍රදේශයේ විහාර සංවර්ධනය වෙනුවෙන් පවා නිරතුරුව කටයුතු කරමින් සිටින බවය.

සාකච්ජාවට එක් වූ අවරන්තුලාව වේතියගිරි විහාරාධිපති පෙරියඋලුක්කුලමේ සුනන්ද හිමි පැවසූවේ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයා විල්පත්තුව වනය විනාශ කරමින් සිටින බවට සිදුකරන ප‍්‍රකාශ සත්‍ය නොවන බවත්, වවුනියාව ප‍්‍රදේශයේ භික්ෂූන් වහන්සේ පිරිසක් සමග අදාළ ප‍්‍රදේශය නිරීක්ෂණය කිරීමට වැඩම කළ අවස්ථාවේ විල්පත්තු සීමාවේ කිසිදු වන විනාශයක් සිදු වි නොමැති බව තමන් වහන්සේට නිරීක්ෂණය කිරීමට හැකි වූ බවය.

විල්පත්තුව අශ්‍රිතව වන විනාශයක් සිදුව නොමැත, යන මතය සමාජගත කරමින් ඉස්ලාමීය ජනපදකරණය ඉදිරියටත් කරගෙන යෑම සදහා රිෂාද් බදුර්දීන් ඇමතිවරයාට අරමුදල් සපයන සෞදි අරාබියේ රාජ්‍ය නොවන ආයතනයක් දැවැන්ත මුදලක් ආයෝජනය කර ඇති අතර පරිසරවේදීන් කියාගන්නා පුද්ගලයන්, දේශපාලකයන් හා සිවිල් සංවිධාන නියෝජිතයන් මිළදී ගැනීමට විශාල මුදලක් වෙන්කර ඇති බවද අනාවරණය වී තිබේ.

වෛද්‍ය සායනයක් මුවාවෙන් බදියුදීන් භික්ෂූන් වහන්සේලාට විෂ පොවන්න යයි ! (Colombotoday : April 06, 2016)

Related posts

කොටි මරා මස් සහ ශරීර කොටස් අලෙවි කිරීමේ ජාවාරමක්

colombotoday

පන්නන්න ගිය කෝටියක යූරෝ රේගුවේදී මාට්ටු

colombotoday

සිරස විකාශන බලපත්‍රය අහෝසි යි? පාර්ලිමේන්තුව නොසන්සුන්

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

දරුවන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

colombotoday

CID හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පෙත්සමක්

colombotoday