Colombo Today Local NewsUncategorized

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

ඊයේ 10 ඇලපාත, නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ව ඇයගේ ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙන බව පොලීසිය පැවසයි.

මෙම සිදුවීම පිළිබඳ ලද පණිවුඩයක් මත පරීක්ෂණ ආරම්භ කළ බවය.

පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමිපුරුෂයා හා බිරිඳ වෙන්ව නිවෙස් දෙකක ජීවත්ව ඇති අතර, ඊයේ මියගිය කාන්තාව විසින් දරුවන්ගේ පොත්පත් රැගෙන එ්මට ස්වාමිපුරුෂයාගේ නිවසට ගිය අවස්ථාවේ දී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.

එහිදී ස්වාමියා විසින් තියුණූ ආයුධයකින් පහරදී ඇති බවට සිදුකළ පොලිස් විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 40 හැවිරිදි කාන්තාවකි.

අවුරුදු 43ක් වූ සැකකරු මේ වනවිට පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

දකුණු ආසියාවේ වේගයෙන්ම බිඳවැටෙන කොටස් වෙළෙඳපොළ ලංකාවේ !

colombotoday

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

Admin

මන්ත්‍රී සාලින්ද දිසානායකගේ පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට

colombotoday

සිංගප්පුරුවේ නීතිරීති මෙරට ක්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කරන බව සජිත් කියයි

colombotoday

නාමල් වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

colombotoday

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක්පුර පසළොස්වක පොහොය අදයි

colombotoday