Colombo Today Local News

වෛද්‍ය සායනයක් මුවාවෙන් බදියුදීන් භික්ෂූන් වහන්සේලාට විෂ පොවන්න යයි !

rishard badurdeen 23

උතුරු, නැගෙනහිර පළාත්වල භික්ෂූන් වහන්සේලාට නොමිළේ ව්‍යෛ පහසුකම් සපයන මුවාවෙන් උන්වහන්සේලා සර්වාගමික ව්‍යපෘතියක් සදහා යොදවා ගැනීමේ මෙහෙයුමක් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් අරඹා ඇති බවට Colombotoday වෙත තොරතුරු  වාර්තා වනවා.

එහි පළමු පියරව ලෙස නොමිළේ පැවැත්වෙන් අදාළ සෞඛ්‍ය සායන මාළාව උතුරු නැගෙනහිර ප්‍රදේශ පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහි පළමු වැඩසටහන රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ අතිජාත හිතවතෙකු වන හිමිනමක් විහාරාධිපති ධූරය දරන වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාම විහාරස්ථානයේදී අප්‍රේල් 10 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහන සදහා සහභාගී වන භික්ෂූන් වහන්සේ නමකට රුපියල් දසදහසක මුදලක් ලබා දීමට සූදානම්ව ඇති අතර එක් විහාරස්ථානයකින් භික්ෂූන් වහන්සේලාට පස් නමක් සහභාගී කරවාගැනීමට සැලසුම් කර ඇත. ඒ අනුව මුල් පියවරේදී එක් විහාරස්ථානයක රුපියල් පනස්දහසක මුදලක් ලබා දේ. මේ සදහා භික්ෂූන් වහන්සේලා යොමු කරන පුද්ගලයන්ටද රුපියල් දසදහසක සන්තෝෂමක් ලබා දීමට නියමිතය.

වයඹදිග වෙරළ තීරයෙන් නොනැවතී මේ වන විට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් වව්නියාව සිට මන්නාරම අතරමැදි ප්‍රදේශයේද ජාතිවාදී ජනපදකරණයට සැලසුම් කර ඇති අතර ඒ සදහා කටාරයේ සහ සෞදි ආරබියේ රාජ්‍ය නොවන ආයත හරහා දැවැන්ත මුදලක් ආයෝජනය කර ඇති බවටද තොරතුරු වාර්තා වේ. එම ප්‍රදේශවල සිංහල ජනපද ව්‍යාප්තවීම ඉදිරියේදී ඔවුන්ගේ ව්‍යාපෘතියට බාධාවකි. එම නිසා එම ප්‍රදේශවල සිංහල ජනපද ව්‍යාප්ත වීම අවහිර කිරීමටද සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙමින් සිටින අතරම වව්නියාව බෝගස්වැව සිංහල ගම්මානයට එරෙහිවද අමාත්‍යවරයා උපරිම බලපෑම් කරමින් සිටින බවද දැන ගැන්මට ලැබී ඇත. යුද හමුදාව විසින් ඉදිකර පසුගියදා විවෘත කරනු ලැබූ වව්නියාව කොක්එළිය රණවිරු නිවාස ව්‍යාපෘතියට එරෙහිවද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ක්‍රියාත්මක වී තිබිණි.

රජය විසින් උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ සහ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙල ඇරඹීමත් සමග එම පළාත්වල අවතැන් වූ සිංහල ජනතාවද නැවත පදිංචි කිරීම අවශ්‍යතාව පිළිබදව මේ වන විට කතාබට ලක්වෙමින් පවතී. ඒ වෙනුවෙන් සහ ඉදිරියේදී එම පළාත්ව සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් මෙන්ම බදියුදීන්ලාගේ ජාතිවාදී ක්‍රියාකලාපයට එරෙහිව භික්ෂූන් වහන්සේලාගේ ඉදිරිපත්වීම අඩපණ කිරීම සදහා මෙලෙස උන්වහන්සේලා බිළිබාගැනීමේ මෙහෙයුම අරඹා ඇති අතර ඒ සදහා සෞදි අරාබියේ රාජ්‍ය නොවන ආයතනයකින් මිළියන ගණනක මුදලක් ලැබී ඇති බවද, එක භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපෘතියට ලැබෙන බවද මේ වන විට අපවෙත අනාවරණය වී තිබේ.

Related posts

දිස්ත්‍රික්ක 8කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

colombotoday

සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙරට එන පාර්ලිමේන්තු මංත්‍රී හර්ෂ ද සිල්වා

colombotoday

රජයේ හෙද නිලධාරීන්ගේ වැඩ වර්ජනය අවසන්

Admin

මුස්ලිම් ජනයාට විශේෂ අධිකරණයක් ඉල්ලයි !

colombotoday

බත් පැකට්ටුවෙයි කිරි තේ කොප්පෙයි මිලත් ඉහළට

colombotoday

පහළම තැන සිට වැඩ අරඹයි.. ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදෙන්නැයි ජනපති රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියයි.

colombotoday