Colombo Today Local News

යාපනය, නාවක්කුලි සිංහල ගම්මානයට ශිවාජිලිංගම් එරෙහි වේ

යාපනය නාවට්කුලි ප්‍රදේශයේ දැනට පදිංචිව සිටින සිංහල ජනතාවට නිවාස ලබා දීමට පෙර, ඒ සදහා ඔවුන්ට සුදුසුකම් තිබෙනවාද? පාරම්පරික පදිංචිකරුවන්ද යන්න තහවුරු කරගත යුතු බව උතුරු පළාත්සභා මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් යාපනය දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාවට්කුලියේ ඉඩමක සිංහල පවුල් 53ක් පමණ දැනට පදිංචිව සිටී. ඔවුන්ට එහි ස්ථිර පදිංචිය ලබා දීමට පෙර ඉහත සදහන් කරුණු සම්බන්ධයෙන් සොයා බලන ලෙස අදාළ ප්‍රදේශයේ පදිංචි දෙමළ ජනතාව සමග එක්ව තමන් දිස්ත්‍රික් ලේකම්වරයාට දැන්වූ බව ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා මාධ්‍යයට ප්‍රකාශකර තිබේ.

එහි පදිංචි සියළුම සිංහල පවුල්වලට නිවාස ලබාදෙන බවට පොරොන්දු ලබානොදිය යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදීත් මෙම කරුණ සම්බන්ධයෙන් අවධානය යොමුකළ බවත්, එය පදනම් කරගනිමින්, මෙම කරුණු සියල්ල ඇතුලත් කර, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට ඉදිරි සතියේදී සංදේශයක් භාරදීමට නියමිත බවත් ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

නාවක්කුලි සිංහල ගම්මානය

යුද්ධයට පෙර යාපනය අර්ධද්වීපයේ පමණක් සිංහල පවුල් විසි හතරදහසකට වැඩි පිරිසක් පදිංචිව සිටි අතර එයින් බහුතරය යාපනයේ පාරම්පරික පදිංචිකරුවන් විය. ප්‍රභාකරන්ගේ නියෝගයෙන් එක රැයක් ඇතුළත ඇදිවත පමණක් අතැතිව යාපනයෙන් පිටමං වීමට සිංහල සහ මුස්ලිම් ජනතාවට සිදුවිය.

යුද්ධය නිමාවෙන් පසුව දෙමළ සහ මුස්ලිම් ජනතාව යාපනේ යළි පදිංචි කිරීම පිළිබදව දෙමළ, මුස්ලිම් දේශපාලකයන් සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන අවධානය යොමුකළද, යාපනයෙන් පළවාහරින ලද විසිහතරදහසකට අධික සිංහල ජනතාව ගැන කිසිදු පාර්ශවයක අවධානය යොමු වුණේ නැත. එසේ තිබියදී අවතැන්ව දකුණේ ඥාතීන්ගේ රැකවරණයේ සිටි සිංහල පවුල් 180ක් යුද්ධය නිමාවෙන් පසු 2010 වර්ෂයේදී යළිත් යාපනය බලා ගියද ඔවුන්ට හිමිවූයේ ජරාජීර්ණවූ යාපනය දුම්රිස් ස්ථානය පමණි. වසරකට ආසන්න කාලයක් කිසිදු හව්හරණක් නොමැතිව එම ස්ථානයේ රැදී සිටියත් කිසිදු බලධාරියෙක් අවධානය යොමුකර තිබුණේ නැත. පසුව එම ජනතාව යාපනය නාවක්කුලියේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් අක්කර 60ක පමණ භූමියක ටකරන් මඩු තනාගෙන පදිංචි වී ඇත.

පසුව ‘සිංහල රාවය ජාතික සංවිධානය‘ මැදිහත් වීමෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංවිධානවල ආධාර ඇතිව නිවාස සහ යටිතල පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත.

පසුගිය කාලය පුරා ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් එම ගම්මානයට කඩා වැදී, එයින් පිටවන ලෙස බලපෑම් කර තිබුණු අතර, එහි ඉදිකර තිබෙන විහාස්ථානයට අත්බෝම්බ ප්‍රහාරයක්ද එල්ලකර තිබිණි. පසුගිය රජය පැවති සමයේ වත්මන් ඇමති මනෝ ගනේෂන්ද එහි ගොස් සිංහල වැසියන්ට තර්ජණය කර තිබුණු අතර, මේ වන එල්ල වෙමින් පවතින තර්ජණ හා බලපෑම් වඩාත් උග්‍ර වී ඇති බව නාවක්කුලි සිංහල වැසියන් පවසති.

නාවක්කුලි සිංහල ගම්මානය

Related posts

මන්ත්‍රී දූරය රැකගන්න රතන හිමි බලෙන් ජනපති සහ අගමැති පස්සෙ යනවා – JHU

colombotoday

ප්‍රභාකරන් යළි එනතුරු ද්‍රවිඩ සන්ධාන ඇමති බලා සිටී

colombotoday

වෛද්‍ය සාෆි ගැන අලුත් පරීක්ෂණයක් – CIDය අධිකරණයට දන්වයි

colombotoday

ග්‍රෑන්ඩ්පාස් නිවසක අභිරහස් බංකරයකින් හෂීස් තොගයක් සොයා ගැනේ

colombotoday

මාලදිවයින මුහුදේදී අනතුරට ලක්වූ ලාංකික ධීවරයින් 5 දෙනෙකු බේරා ගනී

colombotoday

ගැටුම් ඇතිකළේ පිට පළාත්වලින් ආ පිරිසක්.. හානි වූ දේපළ වෙසක් පොහොයට පෙර හදා දෙනවා – හමුදාපති

colombotoday