Colombo Today Local News

ප්‍රබල ඇමතිගෙන් වාහන බදු සහන කැබිනට් යෝජනාවක්.. කෝටි 1800ක් රජයට පාඩුයි !

රථ වාහන 2250 කට අදාළව වාහන කොටස්‌ ආනයනය කිරීම සඳහා බදු සහන පිරිනැමීමට අදාළ යෝජනාවක්‌ රජයේ ප්‍රබල අමාත්‍යවරයකු විසින් අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් එම යෝජනා ක්‍රියාත්මක වුවහොත් රජයට රු. කෝටි 1800 ක පමණ අතිවිශාල අලාභයක්‌ සිදුවනු ඇති බවත් රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

අදාළ ඇමැතිවරයා විසින් දැනටමත් එම යෝජනාව ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට සකස්‌ කර ඇති බවත්, බොහෝ දුරට එය අද (31 දා) කැබිනට්‌ මණ්‌ඩලය හමුවට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් එම ආරංචිමාර්ග කියයි.

මෙසේ එකලස්‌ කෙරෙන එක්‌ වාහනයකට අදාළ උපාංග වෙනුවෙන් සියයට 70 ක පමණ බදු සහනයක්‌ ලබාදීමට මෙමගින් යෝජනා කෙරෙනු ඇති බවත් අදාළ ආයතනය ආනයනය කරනු ලබන ඉහළ පෙළේ වාහනවලට අදාළ උපාංග මේ බදු සහනය යටතේ ගෙන්වුවහොත් එක්‌ වාහනයකින් පමණක්‌ රජයට රු. ලක්‍ෂ 80 ක පමණ අලාභයක්‌ සිදුවීමට ඉඩ ඇති බවත් එම ආරංචිමාර්ග කියයි.

මෙමගින් රජයට විශාල බදු අලාභයක්‌ සිදුවන බවත් මේ හරහා විශාල මූල්‍ය වංචාවක්‌ සිදු කිරීමේ උත්සාහයක්‌ ඇති බව පැහැදිලිවම පෙනෙන බවත් පැවසේ.

මෙය රටට හිතකර ආයෝජනයක්‌ බවත් මෙමගින් රැකියා අවස්‌ථා රැසක්‌ ලැබෙන බවත් පවසමින් මේ අතිවිශාල බදු සහනය ලබාදීමට යෝජනා කෙරෙනු ඇති බවද එම ආරංචිමාර්ගවලින් තවදුරටත් වාර්තාවේ.

(දිවයින)

Related posts

ICC ප්‍රධානියාට පාර්ලිමේන්තුවට එන්න කියමු. නැතිනම් ක්‍රිකට් බලධාරීන් වැරදි මතයක් දෙයි – සජිත්

Admin

පලස්තීනය බේරා දෙන්න | ඉෂාක් රහුමාන් ශ්‍රී ලංකා ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ශීඝ්‍රගාමි දුම්රියක කාර්මික දෝෂයක්… ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ධීවර සංස්ථාව තවත්නම් කරගෙන යන්න බැරිවෙයි.. විකුණනවාද? අවසන් තීරණය අගහරුවාදා

colombotoday

ෆොන්සේකා එජාපය සමග අතිනත ගනී

colombotoday

මල්වාන සුවිසල් නිවසේ නඩුවෙන් බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස්

colombotoday