Colombo Today Local News

එන්නත් නොගත් අයට බස් ගමන් තහනම් වන ලකුණු

ඉදිරියේදී එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිසට පමණක් මගී බස්රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා දීමට හැකි ක්‍රමවේදයක් සකසන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

මේ මගින් පළාත් අතර බස් රථ ධාවනය ද සිදුකළ හැකි බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.

තවද එන්නත් දෙකම ලබාගෙන සිටින පුද්ගලයින්ට බස්රථවල ගමන් කිරීම සඳහා ඉදිරියේදී ප්‍රමුඛත්වය ලබා දෙන බවද ඔහු වැඩි දුරටත් පවසයි.

“එන්නත් දෙකම ලබාගත් එයට මුදල් ගෙවා කඩිනමින් තාවකාලික හැඳුනුම්පතක් ලබාදීමට කටයුතු කරන්න. එය සෞඛ්‍ය අංශය බලධාරීන් විසින් එය ලබාදීමට කටයුතු කරන්නේ නම් වඩාත් හොඳයි. ඒ නිසා අපි යෝජනා කරනවා එම හැඳුනුම්පත කඩිනමින් ම නිකුත් කරන්න කටයුතු කරන්න කියලා. එතකොට සංචරණ සීමා තිබිය දී අත්‍යාවශ්‍ය සේවාවන්ට ප්‍රශ්නයක් නෑ. අපි බස්රථවල ගමන් කරන්න ඉඩකඩ දෙනවා ඒ හැඳුනුම්පත ඉදිරිපත් කරන පුරවැසියන්ට.”

Related posts

පෙරළියත් අත ළගයි.. මන්ත්‍රී ශාන්ත බණ්ඩාරගෙන් ප්‍රකාශයක්

colombotoday

යුරියා සහ බණ්ඩි පොහොර නැව් දෙකක් කොළඹ වරායට

Admin

රවී ඇතුළු අටදෙනා බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

“පන්දමා, කේලමා, පිං ඇමතියා” තෙවරප්පෙරුම, මහින්ද සමරසිංහට තිත්ත කතාවෙන් අමතයි

colombotoday

තෙමහල් නිවසක කුෂ් වගාවක් වටලයි

colombotoday

සිංගප්පූරු වෙළද ගිවිසුමට එරෙහිව වෛද්‍ය වැඩ වර්ජනයක්

colombotoday